lal-kantha-speaks

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා සතිඅන්ත පුවත්පතකට අදහස් දක්වමින් මෙසේ පවසා තිබේ.

"මෙච්චර කල්, අවුරුදු හැත්තෑවකට වැඩි කාලයක් රට පාලනය කරපු දේශපාලන
පක්ෂ එක්ක ජනතාවගේ තිබුණ ඇයි හොඳයිය ටික ටික ගිලිහෙමින් යනව. ඒව ගැන තිබුණු ජනතා විශ්වාසය බිඳිල තියෙන්නෙ.

2022 ට පස්සෙ ඒ පක්ෂ එක්ක තිබුණ ජනතා සම්මුතීන් බිඳ වැටුණ. ඒකට ගෝඨාභය රාජපක්ෂ වගේ අයගෙ භූමිකාවත් තීරණාත්මකව බලපෑව. දැන් මිනිස්සු අලුත් දේශපාලනයක් බලාපොරොත්තු වෙනව. ඒ ජනතාව ඇවිත් මාලිමාව තමන්ගෙ කරගත්තා, දේශපාලනයේ ඔය උඩ ස්ථරය මොන සාකච්ඡා පවත්වමින් මොන සංධාන හදමින් ආවත් පල්ලෙහා
ස්තරය තීරණය කරල ඉවරයි මාලිමාවට බලය දෙන්න ඕනෑ කියල. අපිට විරුද්ධව කඳවුරු සියල්ලම එකට එකතු
වුණත්, ඒක අපට මේ වෙලාවේ අභියෝගයක් නෙවෙයි. අපි ජයග්‍රහණය
කරන තත්ත්වය තහවුරු වෙලා තියෙන නිසා දෙමළ දේශපාලන පක්ෂ, මුස්ලිම් දේශපාලන පක්ෂ, කඳුකරයේ
දේශපාලන පක්ෂ ඇතුළු විවිධ පක්ෂ කණ්ඩායම් අපත් එක්ක
එකතුවෙමින් තියනවා. ඒක හැමදාම තිබුණ දේශපාලන ප්‍රවණතාවයක්.


ඉස්සර කිව්වා බිම ජනතා විමුක්ති පෙරමුණට නෑ කියල. දැන් බීමත් අපට ඉන්නව උඩත් අපට ඉන්නව. ගමත් අපට ඉන්නව. නගරෙත් අපට ඉන්නව. මාලිමාව වටා ජනතාව එකතු වුණේ රැල්ලකට නෙවෙයි. අනුර
කුමාර දිසානායක වටා ජනතාව එකතුවුණේ රැල්ලට නෙවෙයි. ඒ එකතු වුණේ විශ්වාසය මත. රැල්ලට එන අය කිට්ටුව වෙන්නත් පුළුවන්. වෙනස්
මේ වෙලාවේ මාලිමාව තෝර ගැනීම ජනතාවගේ අවබෝධය මත සිද්ධ වෙන දෙයක්. ඒක නිසා ඉතිහාසයේ වගේ මේ වතාවේ ජනතාව එහාට මෙහාට පනින්නෙ නෑ. දේශපාලකයො නම් ඉදිරියෙදී එහාට මෙහාට පනියි. දැන් මාලිමාව කියන්නෙ වෙන දෙයක් නෙවෙයි ජනතාවම තමයි. ජනතාව කියන්නේ මාලිමාව තමයි. මේක වෙනස් තත්ත්වයක්. රටක මෙවැනි තත්ත්වයක් ඇතිවෙන්නෙ සමහර විට දශක ගානකින්. ඉතිං මේ වගේ තත්ත්වයක් ප්‍රතිගාමී බලවේග සසල කරන්න සමත් වෙනව තමයි. මාලිමාවේ ජයග්‍රහණය අනුර කුමාරගෙ ජයග්‍රහණය නොවැළැක්විය හැක්කක්."