lover-thovil-welipanne

සිය පෙම්වතා සමග ඇතිවූ බහින්බස්වීමකින් සිත්තැවුලට පාසල් සිසුවියක පෙරේදා (13දා) සිය නිවසේ කාමරයක දිවිහානිකරගෙන ඇතැයි වැලිපැන්න පොලීසිය සදහන් කරයි.නාකන්දලගොඩ ප්‍රදේශයේ පාසලක සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් උසස් පෙළ අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින් සිටි දර්ගා නගරය, අවට ප්‍රදේශයක පදිංචි 18 හැවිරිදි පාසල් සිසුවියක මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.





මීට වසරකට පමණ පෙර ඇල්පිටිය ප්‍රදේශයේ ගරාජයක සහායකයෙකු ලෙස සේවය කරන 20 හැවිරිදි තරුණයෙකු හා පෙම් සබඳතාවක් ඇති කරගන තිබෙන ඇති අතර ඒ සදහා දෙමාපියන්ගේද විරෝධතාවයක් නොවු නිසා ඔහු නිවසටද පැමිණ තිබේ.සිදධිය වූ පසුගිය (13දා) සිය පෙම්වතා ප්‍රදේශයේ නිවසක පවත්වන තොවිලයක් බලන්න යන බව දුරකථනයෙන් සිසුවියට දන්වා තිබේ.

තොවිල් බලන්න යන්න එපා යැයි විරෝධය දක්වා ඇතත් තමා තොවිලය බලන්න යන බව ප්‍රකාශ කළ බව මරණ පරීක්ෂණයේදී පෙම්වතා පොලීසියට පවසා ඇත.

තමාගේ කීම අහන්නෙ නැතිනම් මේ සම්බන්ධය තවදුරටත් පවත්වා දැක අවසන් කරන බවට පෙමිවතාට කෙටි පණිවිඩයක් ඒවා සිසුවිය නිවසේ කිසිවකු නොමැති අවස්ථාවවේ සිය කාමරයේ යට ලීයක ගෙල වැළලාගත තිබියදී පියා සහ ප්‍රදේශවාසීන් දැක තිබේ. පසුව ඔවුන් එක්ව ඇය දර්ගා නගරය රෝහලට රැගෙන ගොස්ඇතත් ඒ වන විටත් සිසුවිය මියගොස් තිබූ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

සුමති  කුඩලිගම