maheesh-thikshana-pink-day

 මේ දිනවල පැවැත්වෙන එල්පීඑල් තරගාවලියේ ගෝල් මාවර්ල්ස් කන්ඩායමෙහි ක්‍රීඩාකරන මහේෂ් තීක්ෂණ
ජුලි 14 වන දින දඹුල්ල සික්සර්ස්  සමග පැවති තරඟයේදී  තරගයේ වීරයා සම්මානයට හිමිකම් කී අතර එහිදී ත්‍යාග ලෙස ලැබුණ ඇමරිකානු ඩොලර් 1,500 මුදල Indira Cancer Trust වෙත සඳහා පිරිනමා ඇත.


එදිනට යෙදී තිබුණු ‘Pink Day’ සැමරුමට ඔහු  දායක විය. ‘Pink Day.’ ( 'රෝස දිනය' )වෙනුවෙන් පියයුරු පිළිකා ගැන දැනුවත් කිරීමේ වැඩ සටහනකට එක්වෙමින් මහේෂ් සිඳු කළ මෙම පරිත්‍යාගය සුවපත් වීමේ අරමුණ ඇති පිළිකා රෝගීන් වෙනුවෙන් කළ අගනා පරිත්‍යාගයක් ලෙස ඇගයුමට ලක්විය.

 පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ නියැලී සිටින ආයතනයක් වන ඉන්දිරා පිළිකා භාරය  'රෝස දිනය'
සැමරූ අතර
"Strike with Hope: LPL Goes Pink for Breast Cancer Awareness" යන මාතෘකාව යටතේ පැවති මෙම ප්‍රචාරණ ව්‍යාපාරයේදී, සියලුම ක්‍රීඩකයින් සහ ආධාරකරුවන් 'රෝස දිනය' වෙනුවෙන් සහය දැක්වීම සඳහා 'රෝස' පැහැති ඇඳුමින් සැරසී සිටිනු දක්නට ලැබිණි.