
ජංගම දුරකතනයක් සොරකම් කිරීමේ සිද්ධියකට දණ ගස්වා පහර දුන්නැයි උරණ වී එම පුද්ගලයාට පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි මාළිගාවත්ත පොලිසිය කියයි.මෙලෙස ඝානයට ලක්ව ඇත්තේ කොළඹ 10 මාලිගාවත්ත බෝධිරාජ මාවතේ පදිංචිව සිටි එම්. එන්.ඒ. රාහුමාන් (26) නැමැති පුද්ගලයෙකි.
මරණකරු සහ සැකකරුවන් දෙදෙනා මිතුරන් වන අතර ඉකුත් 28 වැනිදා එම දෙදෙනා මරණකරුගේ නිවසේ උඩුමහලට පැමිණ තිදෙනාම එක්ව හෙරොයින් මත්ද්‍රව්‍ය පානය කර ඇතැයි පොලිසිය කියයි. එම අවස්ථාවේදී එක් පුද්ගලයකු නිවසේ තිබූ ජංගම දුරකතනයක් සොරාගෙන ඇති බව පොලිසිය පවසයි.
ඊට පසුදින ද (29) සැකකාර දෙදෙනා ඒ අයුරින්ම මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා පැමිණි අවස්ථාවේදී මරණකරු ඔවුන් දෙදෙනා දණගස්වා පහරදී ඇති අතර එම ස්ථානයෙන් පිටවීමේදී දෙදෙනා අනිවාරේයන්ම ඔහු මරණ බවට තර්ජනය කර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පෙරේදා (1) අලුයම කඩුවක් සහ මන්නයක් රැගෙන ත්‍රිරෝද රථයකින් පැමිණ තිබූ සැකකරුවන් දෙදෙනා නිවසේ දොර කඩාගෙන ඇතුළු වී ඇඳේ නිදා සිටි පුද්ගලයාට බිරිඳ බලා සිටියදීම පාදයකට,කඩු පහරක් එල්ල කර අනතුරුව පපුවට පිහියෙන් ඇන බරපතළ තුවාල සිදුකර පලා ගොස් තිබූ බව පොලිසිය කියයි.
බරපතළ තුවාල ලද පුද්ගලයා කොළඹ ජාතික රෝහලට රැගෙන යන විටත් මියගොස් තිබූ බව පොලිසිය කියයි. පලාගිය සැකකරුවන් දෙදෙනා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ තුන්වන පටුමගේ පදිංචි දෙදෙනකු බවට හඳුනාගෙන ඇතැයි පොලිසිය පවසයි. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇත.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval