marikkar-speaks

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ අවුරුදු 02ක කාලය තුළ කාරණා 03ක් කිරීමට නොහැකි වූ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.ඒ අනුව සමගි ජන බලවේගය දෙකට කැඩීම, ජනාධිපති ධුරය යොදා ගනිමින් එක්සත් ජාතික පක්ෂය ගොඩනැගීම සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග නිසියාකාර ගමනක් යෑමට නොහැකි වූ බව ඊයේ (21දා) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා මෙලෙස අදහස් දැක්වීය.

"ජනාධිපතිවරණය කල් දාන්න විවිධ දාන් ගැට දාලා උසාවි යවලා,

ජනතාවගේ මනස තුළ ව්‍යාකූලභාවයන් ඇති කරලා 22වැනි සංශෝධනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කළත් මැතිවරණ කොමිසමට කිසි බාධාවක් නැතිව ජනාධිපතිවරණය කැඳවීමේ බලය ලැබිලා තියෙනවා. ඒ අනුව ඔවුන් හෙටින් එළැඹෙන සතිය ඇතුළත නාමයෝජනා කැඳවනවා කියනවා. ඒ අනුව මැතිවරණ නීතිය අනුව හෙට දවසේ කැඳවන්න බැ.අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා කියන දවස 04න් 01ක කැඳවන්න පුළුවන්.

ඒ නිසා මේ වෙලාමේ මේ ජනාධිපතිවරණය ආවම මේ අපේක්ෂකයෝ එක එක කතන්දර කියන්නේ නැතිව මේ රටේ ජනතාවට කිවයුතු කාරණා කිහිපයක් තිබෙනවා.

පළවෙනි එක තමයි බංකොලොත් රාජ්‍යක් විදියට අපි ණය ප්‍රතිව්‍යුහගතකරණය ඉවර වුණාට පස්සේ මේ අවුරුද්දේ ඉදලා ණය ගෙවීම ආරම්භ කරන්න සිදු වෙනවා. මේ මොහොත වන විටත් ජනතාවට විශාල බදු බරක් දාලා බදු මිල වැඩි වෙලා තියෙන වෙලාවක මේ ණය ගෙවීම කරණ ආකාරය පිළිබදව මේ ඉල්ලන අපේක්ෂකයෝ කියන්න ඕනි. ඒ කියන්නේ අලුත් ආදායම් මාර්ග උත්පාදනය කරලා ගෙවනවාද,නැතිනම් තවදුරටත් ණය අරගෙන ගෙවනවාද,

එහෙම නැතිනම් තවදුරටත් බදු වැඩි කරලා මේ ණය ගෙවන්න බලාපොරොත්තු වෙනවාද කියලා කියන්න ඕනි.

සමගි ජන බලවේගය විදියට අපේ බලාපොරොත්තුව තමයි ජනාධිපතිවරණය ප්යග්‍රහණය කළාට පස්සේ ජාත්‍යන්තර ඩ්‍රිනා කොන්ෆරන්ස් එකක් පවත්වලා, මේ රටට විදේශ ආකර්ෂණය වැඩි කරලා ඒ හරහා ආදායම වැඩි කිරීමත්,ඒ වගේම අපනයන ආදායම හරහා ආදායම වැඩි කිරීමත්, ඒ වගේම ලෝකයේ බිහි වෙලා තියෙන අලුත් වෙළෙඳ පොළවල් තුළට ඇතුළු වෙලා ඒ හරහා ආදායම් සොයා ගැනීමත් තමයි අපේ මූලිකම වැඩපිළිවෙළ.

ජනාධිපතිවරයාට කාරණා 03ක් මේ අවුරුදු 02ක කාලය තුළ කරගන්න බැරි වුණානේ. පළවෙනි එක සමගි ජන බලවේගය කඩන්න බැරි වුණා. දෙවැනි එක ජනාධිපතිධුරය පාවිච්චි කරලා එතුමාට එක්සත් ජාතික පක්ෂය නැවත ගොඩනගන්නත් බැරි වුණා. තුන්වෙනි එක පොහොට්ටුවත් එක්කත් හරියාකාරව එකට ගමනක් යන්න බැරි වුණා.කොටසක් ඉන්නවා. කොටසක් නෑ.”
(දිනේෂ් සමරකෝන්)