
මීගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යතුරු පැදියක ගමන් කරමින් සිටියදී දික්හැතැප්ම ප්රදේශයේ දී අනතුරට ලක් කළ පෞද්ගලික බස් රථයක රියදුරු අත් අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි.
අදාළ නිලධාරීන් දෙදෙනා පොලිස් යතුරු පැදියෙහි මීගොඩ දෙස සිට ගොඩගම දෙසට ධාවනය කරමින් සිටියදී එම දෙසටම ධාවනය කළ කොළඹ බදුල්ල පෞද්ගලික බස් රථයෙහි දකුණු පස ඉදිරියෙහි ගැටී මෙම අනතුර සිදුව ඇත. මෙම අනතුරින් මීගොඩ පොලිසියේ පැදිකරු ලෙස කටයුතු කළ රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල් (88493) නලින්ද යන අයගේ දකුණු පාදය කැඩී ඇති බවත් පසු පැදිකරු ලෙස සිටි පොලිස් කොස්තාපල් 97146 නිරෝෂන් යන අයටද තුවාල සිදුව ඇතැයි ද පොලිසිය පවසයි.
අනතුර වලක්වා නොගැනීම සම්බන්ධයෙන් කොළඹ බදුල්ල පෞද්ගලික බස් රථයේ රියදුරු වන බණ්ඩාරවෙල ලියන්ගහවෙල අඩවිය ප්රදේශයේ පදිංචිකරුවකු වන 44 හැවිරිදි බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
එලෙස අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ.
මීගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ප්‍රියන්ත මහතා විසින් පරීක්ෂණ පැවැත්විය .
(මීගොඩ - බී.කේ. කත්රිආරච්චි)

Comments
Post a Comment
Your comment will be visible after approval