meemassa-sirasa

ජනප්‍රිය නළු චරිත් අබේසිංහ දේශපාලනයට පැමිණීමට සූදානම් වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ඡායාරූප හා වීඩියෝ  පසුගිය දිනවල හුවමාරු වුණා . ඔහු දේශපාලනය පක්ෂ කාර්යාල අසල ගැවසෙන අයුරුද අදාල වීඩියෝ මඟින් දැකගත හැකි වුණා.

එමෙන්ම ඔහු රටේ පවතින වර්තමාන දේශපාලන තත්වය සම්බන්ධයෙන් ඔහුගේ අදහස් පළකර තිබුණු අතර එහිදී ඔහු පවසා ඇත්තේ තමන් දේශපාලනයට පැමිණෙනවා නම් ඒ පැමිණෙන්නේ ජනතාව වෙනුවෙන් බවයි. තවදුරටත් අදහස් දක්වා ඇති චරිත් පවසා  තිබුණේ තමන් සෑම අවස්ථාවකම රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවයි.

ඔහු සතිඅන්ත පුවත්පතකට අදහස් දක්වමින් පවසා තිබුනේ තමන්ට රාජයෝගයක්ද ඇති බවයි.

කෙසේ නමුත් පසුගිය දිනෙක මාධ්‍ය සාකච්ඡාවකවකට සහභාගී වෙමින් මෙම දේශපාලන ආගමනය සම්බන්ධයෙන් ඔහුගේ අවසන් මතය ප්‍රකාශ කර තිබුණා. එහිදී ඔහු පවසා තිබුනේ තමන් දේශපාලනයට පැමිණෙන්නේ වර්තමානයේ පවතින දේශපාලන පක්ෂ සමඟින් නොවන බවයි. තමන් දේශපාලනයට පැමිණෙන බවට ප්‍රකාශ කළේ රංගනයක් ලෙස බවත් සැබැවින්ම එය ඉදිරියේදී ඔබට නැරඹිය හැකි ටෙලි නාට්‍යයක චරිතයක් බවත් ඔහු මෙහිදී පවසා තිබුණා.

මෙම මස 29 වනදා එනම් හෙට දිනයේ සිට ''මී මැස්සා'' ටෙලි නාට්‍යය සතියේ දිනවල රාත්‍රී 9ට සිරස නාළිකාවේ විකාශය වන බවත් ඒ තුළින් චරිත් අබේසිංහගේ දේශපාලනික ජවනිකාව ඔබට නැරඹිය හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.