men-brutally-caned-drinking-alcohol

ඉන්දුනීසියාවේ ආන්තික ෂරියා නීතිය අනුගමනය කරන එකම ප්‍රදේශය ලෙස සැලකෙන්නේ සුමාත්‍රා දූපතේ අචේ පළාතයි. එහි මත්පැන් පානය කිරීමේ වරද බරපතල ලෙස සලකන අතර වරදකරු  වී හසුවුවහොත් දැඩි දඩුවම් පනවනු ලැබේ.
එලෙස දඩුවම් ලද මිනිසුන් හතර දෙනෙකුට 42 වතාවක් අමානුෂික ලෙස වේවැල් පහර දෙන වීඩියෝවක් එරට සමාජ මාධ්‍ය වෙත නිකුත්ව ඇති අතර මේ වනවිට ආන්දෝලනාත්මක ලෙස එය විවේචනයට ලක්වෙමින් පවතී.
මෙම වීඩියෝවේ සිටින සියල්ලන්ම ඉන්දුනීසියානු පුවත්පතක් වන Kompas විසින් හඳුන්වා ඇත්තේ මත්පැන් පානය කිරීම නිසා වේවැල් පහර 19 ත් 42 ත් අතර ප්‍රමාණයක් ලබා ගත් අය බවයි.

වැරදිකරුවන්ට ඇල්ගොජෝ යනුවෙන් හඳුන්වන අලුගෝසුවකු විසින් වේවැලකින් පහර දෙනු දැකිය හැකිය: බොහෝ විට දුඹුරු පැහැති වස්ත්‍රවලින් සැරසී සිටින නිර්නාමික අලුගෝසුවෙක් මෙම දඩුවම පනවන බව කියැවේ.

වරදකරුවන්ගෙන් දෙදෙනෙකු සුදු පැහැති ඇඳුමකින් සැරසී සිටි අතර අනෙක් පිරිමින් දිස්ත්‍රික් නීතිපති කාර්යාලයේ නම සහිත රතු පැහැති කමිසයකින් සැරසී සිටියහ. දඬුවම් ලැබීමට පෙර ඔවුන්ව කාමරයක් මැදට ගෙන ගොස් හිස නමන ලදී.


වේවැල්  පහර 10 කට පසු එක් මිනිසෙක් වේදනාවෙන් කෙඳිරිගෑමෙන් පසු කෲර ලෙස පහර දීම තාවකාලිකව නතර කළ බව කියනු ලැබේ.

දඬුවම් ලැබීමට පෙර මිනිසුන් හතර දෙනාට හිස නමා ආචාර කිරීමට සිදු විය.
වේවැල් පහර දිගටම කරගෙන යාමට පෙර ඔවුනගේ තත්ත්වය පරීක්ෂා කළ වෛද්‍යවරුන් පානයක් ලබා දුන් බවද වාර්තා පවසයි.  දිස්ත්‍රික් අභිචෝදක කාර්යාලයේ ප්‍රධානියා මාධ්‍ය වෙත මෙම දඬුවම තහවුරු කළේය: "අද, 'ඛමර්' උල්ලංඝනය කිරීමක් සිදුවෙලා. ඒ කියන්නේ බීමත්ව සිටීම සම්බන්ධයෙන් වරදයි. පුද්ගලයින් හතර දෙනෙකුට වේවැල් දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සිදුකළා දැන් එය අවසන් කර ඇත."
ප්‍රකාශකයා සඳහන් කර තිබේ.

2001 දී විශේෂ ස්වයං පාලනයක් ලබා දීමෙන් පසු ඉන්දුනීසියාවේ ෂරියා නීතිය ක්‍රියාත්මක කළ එකම පළාත අචේ වේ,  මතභේදාත්මක නීති ගණනාවක් එහි ක්‍රියාත්මක වේ. සූදුව, මත්පැන් පානය, විවාහයෙන් පිටත ලිංගිකත්වය සහ සමලිංගික සබඳතා දැඩි අපරාධ ලෙස සලකා කටයුතු කරයි. අචේහි මුස්ලිම් නොවන අය පවා ෂරියා නීතියට යටත් වන අතර, කුරානයේ පැහැදිලිවම මත් ද්‍රව්‍ය භාවිතය 'සාතන්ගේ ක්‍රියාවක්' ලෙස විස්තර කර තිබීම මෙම දඩුවමට හේතුවයි.
මෙම නීති අනුව අනියමින් ලිංගිකව එක් වූ අයට වේවැල් පහර 100 ක් දක්වා එල්ල වේ.
සමලිංගික සබඳතාවයක් හසුවීමකදී වේවැල් පහරවල් 108 ක් එල්ලවේ.
(ඩේලි ස්ටාර් පුවත්පත ඇසුරිනි)