mini-ooper-case-giveup

ත්‍රිරෝද රථ­යක අංකය යටතේ රුපි­යල් කෝටි ගණ­නක් වටිනා මිනි­කූ­පර් වර්ගයේ සුඛෝ­ප­භෝගී මෝටර් රථ­යක් ලියා­ප­දිංචි කිරීම හා ඒ සඳහා ආධාර අනු­බල දීම ඇතුළු අධි­චෝ­දනා යටතේ මෝටර් රථ ප්‍රවා­හන කොම­සා­රිස් දෙපා­ර්ත­මේ­න්තුවේ හිටපු නියෝජ්‍ය කොම­සා­රි­ස්ව­ර­යකු ඇතුළු නිල­ධා­රීන් 7 දෙන­කුට එරෙ­හිව පවරා තිබූ නඩු­වක් ඊයේ (29) අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­ෂන් සභාව ඉල්ලා අස් කර­ගන්නා ලදි.

කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු නව­රත්න මාර­සිංහ මහතා ඉදි­රියේ නඩුව කැඳවූ අව­ස්ථාවේ අල්ලස් කොමි­සම වෙනු­වෙන් පෙනී සිටි නිල­ධා­රීන් නැවත ගොනු කිරීමේ අයි­ති­යට යටත්ව නඩුව ඉල්ලා අස්කර ගත්තේය.

මෙලෙස නඩු­වෙන් නිද­හස් වූයේ එව­කට මෝටර් රථ ප්‍රවා­හන කොම­සා­රිස් දෙපා­ර්ත­මේ­න්තුවේ නියෝජ්‍ය කොම­සා­රි­ස්ව­ර­යකු ලෙස කට­යුතු කළ වර්ත­මාන ඉඩම් කොම­සා­රිස් ජන­රාල් බන්දුල ජය­සිංහ, මෝටර් රථ ප්‍රවා­හන කොම­සා­රිස් දෙපා­ර්ත­මේ­න්තුවේ වැඩ­ස­ට­හන් සම්පා­ද­ක­ව­ර­යකු වන රෝහිත සම­ර­වීර, විම­ර්ශන හා සංව­ර්ධන සහ­කාර උපුල් ප්‍රියන්ත ද සිල්වා, විම­ර්ශන සහ­කාර කේමන්ත මුත්තුංග (මේ වන­විට විදේ­ශ­ග­තව), ලිපි­ක­රු­වකු ලෙස කට­යුතු කළ චන්න රෝහිත, සිවිල් වැසි­යන් වන ධර්ම­රත්න ජයන්ත හා අජිත් කුමාර යන විත්ති­ක­රු­වන්ය.



අල්ලස් හෝ දූෂණ කොමි­සම ඉදි­රි­පත් කළ චෝදනා පත්‍රය නිසි පරිදි ඉදි­රි­පත් කර නැති බවට විත්තිය වෙනු­වෙන් පෙනී සිටි නීතිඥ හෆිල් පාරිස් මහතා ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය ඉදි­රියේ රිට් පෙත්ස­මක් ඉදි­රි­පත් කරන ලදී. ඒ පිළි­බඳ තීන්දුව දෙන තෙක් මහා­ධි­ක­ර­ණය ඉදි­රියේ විභාග වන නඩුව වළ­ක්වන ලෙස නීති­ඥ­ව­රයා අතුරු තහ­නම් නියෝ­ග­යක් ඉල්ලා සිටීම කර ඇත. එම මූලික විරෝ­ධ­තාව අනුව නඩුව ඉල්ලා අස්කර ගැනීම සිදු විය.



2015 මැයි 16 වැනි­දාත් සැප්තැ­ම්බර් 23 වැනි­දාත් අතර කාල­සී­මා­වේදී ත්‍රිරෝද රථ­යක් බව හඟ­ව­මින් ඒ වෙනු­වට රේගු­වට හොර රහසේ නීති විරෝධී ආකා­ර­යෙන් ගෙන්වූ මිනි­කූ­පර් රථ­යක් ලියා­ප­දිංචි කිරී­මෙන් රජ­යට පාඩු කිරීම ඇතුළු චෝදනා යටතේ විත්ති­ක­රු­වන්ට එරෙ­හිව අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­සම මේ නඩුව පවරා ඇත.

මෝටර් රථ ප්‍රවා­හන කොම­සා­රිස් දෙපා­ර්ත­මේ­න්තුවේ වැඩ­ස­ට­හන් සම්පා­ද­ක­ව­ර­යකු ලෙස කට­යුතු කර­මින් එම දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­ග­ණක පද්ධ­ති­යට ඇතුළු වී එකී මිනි­කූ­පර් රථය අජිත් කුමාර වනි­සු­න්දර නමැති විත්ති­ක­රුගේ නමින් ලියා­ප­දිංචි කිරී­මෙන් ශ්‍රී ලංකා රේගු­වට අය­විය යුතු රුපි­යල් ලක්‍ෂ 26කට අධික රේගු ගාස්තු­වක් අහිමි කිරී­මත් ඒ සඳහා ආධාර අනු­බල දීමත් එම විත්ති­ක­රු­වන්ට එරෙ­හිව එල්ල වී තිබූ චෝදනා වේ. අධි­චෝ­දනා 60ක් යටතේ අල්ලස් පනතේ 70 වග­න්තිය යටතේ සඳ­හන් දූෂ­ණය නමැති වරද සිදු­ක­රන ලදැයි විත්ති­ක­රු­වන්ට එරෙ­හිව මේ නඩුව ගොනු­කර තිබේ.
(චන්දන ජය­වීර)