namal-dhammika

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබියදී පක්ෂය තුළ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් එය තවත් දින කිහිපයකින් ප්‍රමාද වී යනු ඇතැයි වාර්තාවී තිබේ. පක්‍ෂය හැර යන දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන් වෙනුවට නව සංවිධායකවරුන් පත්කිරීමට තීරණය කර ඇතැයි පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර පවතින අර්බුදකාරී තත්ත්වය සමථයකට පත් කිරීම සඳහා තීරණ රැසකට එළඹ ඇති බව වාර්තා වේ.
‍පසුගියදා රනිල් වික්‍රමසිංහට සහය නොදක්වන බවට ලබාගත් තීන්දුව සමග මෙම පක්ෂයේ අභ්‍යන්තරය තුළ බෙදීයාම් කිහිපයක් පැනනැගි අතර කොටසක් කැඩී වෙන්වන හා කොටසක් තවම දෙගිඩියාවකින් පසුවන තත්වයක් උද්ගතව ඇත. ඇතැමුන් කල්පනා කරන්නේ තීරණය වෙනස්වන්නට ඉඩ ඇති බවත් රනිල්ට සහය දීටම පක්ෂය නැවත තීරණය කරනු ඇති බවත්ය.
රනිල් අවශ්‍ය නැතැයි කියන පිරිසගේ ජනපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ හෝ ධම්මික පෙරේරා යන නම් යෝජනාවී ඇති නමුත් පක්ෂයේ අර්බුදය විසඳාගන්නා තුරු නම් ප්‍රසිද්ධ කර වැඩ අරඹන්නට හැකියාවක් නැතැයි ඉහළ ආරංචි හෙළි කර තිබේ.