namal-speaks-ranil

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උදවු කිරීමෙන් අපට ලැබුණු දායාදය පක්ෂය දෙකට කැඩීම යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.එම පක්ෂ කාර්යාලයේ ඊයේ (25) පැවැති සාකච්ඡාවකින් පසුව මාධ්‍යයට අදහස් දැක්වූ රාජපක්ෂ මහතා මෙසේ ද කීය.




"රනිල් වික්‍රමසිංහ මහතාට අපි පූර්ණ සහයෝගය දුන්නා අපට නොගැළපෙන දේවල් කළත් අද වෙනකම් අපි වචනයකින්වත් මොනවත් කළේ නෑ. හැබැයි ඉතින් පක්ෂයක් විදියට අපට ලැබිච්ච දායාදය නම් පක්ෂය දෙකට කඩපු එක අපි දේශපාලන තීන්දුවක් ගනිමු. අපි අවංකව රනිල් මහත්තයාට උදවු කළා. එතුමා මෙහෙම කරන්නේ පොහොට්ටුවට නෙමෙයි. පුරුද්දට. එතුමා ගේන කොටත් අපි ඒක දන්නවා. එජාපය කැඩුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩුවා. යහපාලන ආණ්ඩුව කැඩුවා. ජනතා විමුක්ති පෙරමුණත් කැඩුවා. එල්ටීටීඊ සංවිධානයත් කැඩුවා. ඒ තමයි එතුමාගේ පුරුද්ද. ඉදිරියටත් අපි එතුමා සමග සාකච්ඡා පවත්වනවා. ගැළපෙන තැනකට ආවොත් ආණ්ඩුවක් ගැන සාකච්ඡා කරන්න සූදානම්" යැයි ද කීය.