nilantha-jayawardane

පාස්කු ඉරු දින ප්‍රහාරය  සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරදකරුවකු කර දඩ නියම කෙරුණු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් ආරම්භ කර ඇති විනය පරීක්ෂණ අවසන් වනතෙක් ඔහු අනිවාර්ය නිවාඩු යවා ඇතැයි ජාතික පොලිස් කොමිෂන් සභාව පවසයි.



පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව කඩිනමින් විනය පියවර ගන්නා ලෙස ශේෂ්ඨාධිකරණය දුන් නියෝගය අනුව ඔහුට එරෙහිව ජාතික පොලිස් කොමිෂන් සභාව පසුගිය 1 වැනිදා විනය පරීක්ෂණයක් ආරම්භ කළේය.ජයවර්ධන මහතා පොලිස් දෙපාර්තමේන්තුවේ දැනට රාජකාරී කරන හෙයින් විනය පරීක්ෂණය සඳහා සාක්ෂි ලබාදීමට පැමිණෙන සාක්ෂිකරුවන්ට බලපෑමක් ඇතිවීමෙන් විනය පරීක්ෂණයට අගතියක් විය හැකි හෙයින් මෙම පියවර ගත් බව ජාතික පොලිස් කොමිෂන් සභාව පවසයි.

ජාතික පොලිස් කොමිෂන් සභාව පෙරේදා (18) රැස්වී නිලන්ත ජයවර්ධන මහතා අනිවාර්ය නිවාඩු යැවීමට මෙසේ තීරණය කර ඇත. පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට පෞද්ගලික මුදලින් රුපියල් කෝටි හත හමාරක මුදලක් ගෙවන ලෙසට නියම කළේය.
(සුජිත් හේවාජුලිගේ)