npp-observation-centre

ජාතික ජනබලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය අද (26දා) සිට පැය 24 පුරා ක්‍රියාත්මක වේ. ඒ අනුව අංක: 27 ඒ, දකුණු වටරවුම් පාර, ජයන්තිපුර, බත්තරමුල්ල ලිපිනයේ එම මධ්‍යස්ථානය පිහිටුවා ඇති අතර, 0112 796388, 071 435 6301, 0777 307409 යන දුරකථන අංක ඔස්සේ හා bmc@npp.lkයන විද්‍යුත් ලිපිනය ඔස්සේ ඊට සම්බන්ධ විය හැකිය. නිදහස් හා සාධාරණ මැතිවරණයක් අපේක්ෂාවෙන් පූර්ව මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු රැස්කිරීම සහ මැතිවරණ ක්‍රියාවලියට බාධා වන සියලු කටයුතු පිළිබඳ තොරතුරු රැස්කිරීම හා අවශ්‍ය වූ විටෙක අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවීම මෙම මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය හරහා සිදු කිරීමට නියමිතය.


අනීතික ක්‍රියාවලින් වැළකී සිටින ලෙස පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ජාතික ප්තබලවේගයේ විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ප්‍රධානී, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා පැවසීය.ජාතික ජනබලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මාධ්‍ය හමුව අමතමින් ඊයේ (25දා) ඒ මහතා මෙම අදහස් පළ කළේය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා




"2024 පැවැත්වෙන ජනාධිපතිවරණය අරමුණු කරගෙන අංක: 27 ඒ, දකුණු වටරවුම් පාර, ජයන්තිපුර, බත්තරමුල්ල, යන ස්ථානයේ ජාතික නබලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය, 2024 ජූලි මස 26වන දින ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම නිරීක්ෂණ මධ්‍යස්ථානය පිහිටුවීමේ අරමුණ නිදහස් හා සාධාරණ මැතිවරණයක් අපේක්ෂාවෙන් පූර්ව මැතිවරණ ක්‍රියාවලිය පිළිබද තොරතුරු රැස්කිරීම සහ ඒ මැතිවරණ ක්‍රියාවලියට බාධා වන සියලු කටයුතු පිළිබද තොරතුරු රැස්කිරීම මෙම මධ්‍යස්ථානයෙන් කිරීමට අපේක්ෂා කරනවා. ඒ වගේම ඒ ලබා ගන්නා තොරතුරුවලට අදාළ ක්‍රියාමාර්ගවලට යොමුවීම මෙම මධ්‍යස්ථානය මගින් සිදුකරනවා. එයට සමගාමීව බලධාරීන් දැනුවත් කිරීම, මාධ්‍ය දැනුවත් කිරීම, ජනතාව දැනුවත් කිරීම, මෙම මධ්‍යස්ථානය මගින් සිදුකරනවා.

අවශ්‍ය වූ විටෙක අධිකරණ ක්‍රියාමාර්ග කරා යොමුවීමට අපේක්ෂා කරනවා.


මෙම මැතිවරණ කාර්යාලය භාරව ජාතික ජන බලවේගයේ සාමාජික, විශ්‍රාමික පොලිස්සාමූහිකයේ සාමාජික, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ඩේවිඩ් ගසිංහ මහතාත්, විශ්‍රාමික පොලිස් අධිකාරී උපාලි පියනන්ද මහතා ඇතුළු කාර්ය මණ්ඩලයත් හෙට දින සිට පැය 24 පුරාම ඉහත ලිපිනයේ ක්‍රියාත්මක වෙනවා. 0112 796388, 071 435 6301, 0777 307409 යන දුරකථන අංක තුන ඉහත සදහන් ලිපිනයේ ස්ථාපිත කොට තිබෙනවා. ඊට අමතරව bmc@npp.lkයන විද්‍යුත් ලිපිනය අපි ස්ථාපිත කොට තිබෙනවා. යනුවෙන් පැවසීය.”
(නවෝද්‍යා පවනි)