onmax-dt-dhananjaya-jayan

 නීති විරෝධී පිරමීඩාකාර ගනදෙනු කරමින් රුපියල් කෝටි ගණනක ජනතා මුදල් වංචා කළේ යැයි කියන “ඔන්මැක්ස් ඩී.ටී.” ආයතනයේ අධ්‍යක්ෂ ධනංජය ජයාන් නමැත්තාට අයත් රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් අත්තනගල්ලේ පිහිටි අක්කර දෙකහමාරක ඉඩමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (18) තහනම් කළේය.




පිරමීඩාකාර ගනුදෙනු කරමින් රුපියල් කෝටි ගණනක ජනතා මුදවංචා කළැයි කියන “ඔන්මැක්ස් ඩී.ටී." ආයතනයේ අධ්‍යක්ෂවරුන්ගේ සියලු දේපළ වහාම අත්පත් කරගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට මීට පෙර දින ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කළ නියෝගයකට අනුව රහස් පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන අධිකරණයට වාර්තා කළ අත්තනගල්ලේ ඉඩම මෙලෙස තහනම් කළ මහේස්ත්‍රාත්වරයා ඒ පිළිබඳව අත්තනගල්ල ඉඩම් රෙජිස්ට්‍රාර්වරයාට දැනුම් දීමටද නියම කළේය.



නීති විරෝධී පිරමීඩාකාර ගනුදෙනු කරමින් වංචනිකව ජනතාවගෙන් ලබාගත් මුදල් වලින් “ඔන්මැක්ස් ඩී.ටී.” ආයතනයේ අධ්‍යක්ෂවරුන් දේපළ මිලදී ගෙන ඇති බවටත් මුදල් විවිධාකාර ආයෝජනවලට ලක්කර තැන තැන හංගා ඇති බවටත් මීට පෙර අවස්ථාවක ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ ආයතනයේ අධ්‍යක්ෂවරුන්ගේ සියලු දේපළ වහාම අත්පත් කරගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියම කෙරිණි.නඩුව අගෝස්තු 07 වැනිදා යළි කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
රෝෂන් තුෂාර