paris-olympics-sri-lanka-team

පැරිසියේදී ආරම්භවූ 2024 ඔලිම්පික් සමාරම්භක උළෙල පෙර නොවූ විරූ ආකාරයේ අලුත් විචිත්‍රාංග වලින් යුතු විය. එහිදී වෙනදා දැක පුරුදු විශාල පිටියක පවත්වන සමාරම්භක උළෙල වෙනුවට පැරිස් නගරය පුරාම විවිධ ස්ථානවල පුළුල් ලෙස පවත්වන උත්සවයක් බවට එය පත්කර තිබුණි.මෙහිදී ඔලිම්පික් ගිනි සිළුව රැගත් පුද්ගලයා ගොඩනැගිලි අතර වහලයන් මත නැග බසිමින් ගමන් කළ අතර තැනින් තැන නැවතී ප්‍රංශ සංස්කෘතිය ඉස්මතුවන විශේෂාංග ගෙන ආවේය.

මේ අතරවාරයේ නගරය වටා දිවෙන ඔයෙහි ගමන් කරන බෝට්ටු හා නැව් තුළ මෙවර ඔලිම්පික් උළෙලට සහභාගීවන කණ්ඩායම් සිය ධජද රැගෙන අවට ඔය දෙපස නරඹන පිරිසට අත්වනමින් ආචාර කරමින් ගමන් කළහ.

රූපවාහිනී කැමරාව වරින්වර එම පිරිස සමීප කරමින් රටවල් වල කණ්ඩායම් හඳුන්වාදීම සිදු කෙරිණි. කෙසේ වෙතත් මෙම අපූරු විචිත්‍රාංග මේ දිනවල පැරිසියේ පවතින වැසි සහිත කාලගුණය නිසා යම් බාධාවකට ලක්වූවද වැසිමැද වුව දිගටම කරගෙන යාමට සංවිධායකයින් කටයුතු කර ඇති අයුරු පෙනිණි.

ශ්‍රී ලංකා කණ්ඩායම ගමන් කළ අවස්ථාවේ වීඩියෝව මේ සමග පළවේ.