piumi-hansamali-tyran-alas

නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලි සම්බන්ධ වත්කම් විමර්ශන තවදුරටත් සිදුකරන බවත් ඇය ක්‍රීම් වර්ගයක් අලෙවි කර කෝටි ගණන් ඉපැයූ බවට පවසා සිටින කරුණු ගවේෂණය කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පුවත්පතකට පවසා තිබේ.



පියුමි එක්තරා පාතාල නායකයකුගේ මුදල් පරිහරණය කරන බවට ලද තොරතුරක් මත ඇය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.



අලස් මහතා දිවයින පුවත්පත වෙත ලබාදී ඇති මෙම ආරංචිය අනුව ඇයගේ වත්කම් පිළිබඳව විමර්ශනය අතරතුර පියුමිටද  තම නිර්දෝෂී බව ඔප්පු කිරීමට අවස්ථාව තිබේ යයිද දන්වා ඇත.

කුමන තර්ජන පැමිණියද මත් ද්‍රව්‍ය ජාවාරම සහ පාතාලය මර්දනය කරන බවත් යුක්තිය මෙහෙයුම ජූලි 04 වැනිදා සිට ජනතාවගේ ඇගට දැනෙන අයුරින් ක්‍රියාත්මක කරන බව ද ඇමතිවරයා කියා තිබේ.