piyumi-hansamali-speaks

රුපියල් කෝටි හයකට අධික වටිනා කුශ් හා කොකේන් ගුවන් තැපැල් මගින් ආනයනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයාගේ නාවල දෙමහල් නිවසේ ගරාජයේ තිබී නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි මහත්මියගේ නමට ලියාපදිංචි කරන ලද ‍CAU 7177 අංකය දරන BMW වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථය හසුවීම සමග පියුමි මත් ජාවාරම්කරුවන් හා ඇති සබඳතාව ගැන ඇය ගැන පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායමට සැකයක් මතුව තිබේ.



 සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින් පියුමි මෙයට ප්‍රතිචාර දක්වා ඇති අතර ඇය කියන්නේ බොහෝ කලකට පෙර මෙම ගනුදෙනුව සිදුවූයේ අදාළ පුද්ගලයාගේ බිරිය සමග තමන්ට පැවති හිතවත්කම මත බවයි.
ඇගේ සටහන මෙසේය.

"මම වාහනෙ විකුනලා ඉවරයි අප්පා මාව අල්ලං කන්නම හදනවා මට තෙරෙන්නෙ නෑ.
ඕක විකනලා දැං අවුරුද්දක් වෙනවා . එයාලා සල්ලි බාගයයි දුන්නෙ.ඉතිං තාම මගෙ නමට තියෙන්නෙ.
ඔය වාහනෙ කුඩු ඇදලත් නෑ . ඔය වාහනෙ කුඩුත් එක්ක අහු වෙලත් නෑ. මම කුඩු විකුනලත් නෑ.




මේ දැනුත් කියනවා 100/1000 ක් මම නිවැරදියි.
මාර වැඩක් උනානෙ දෙයියනෙ වාහනේ විකුනන කොට උගෙ මුලු ජාතකෙම හොයලා වාහනෙ දෙන්න වුණා.
ගොඨාබය සර් පැද්ද එකක් අරං මට තාම කරදර මට මේ CID එකෙන් නම් ඉන්න දෙන්නෙම නෑනේ මොන කරුමයක් වුණානේ.

මානසික නිදහසක් නැතුව ගියා නෙ අප්පා මට.
අත්අඩංගුවට ගත්ත පුද්ගලයාගේ බිරිඳගේ නමට ගත්තෙ. බිරිඳ මගෙ පරනම මිතුරියක්.ඉතිං පස්සෙ හෙමිට සල්ලි දෙන්න කියලා මම දුන්නා.
ඒ මගෙ හැටි දන්න අය දන්නවා. ඉතිං එයාලා දෙපාරකට මට ලක්ෂ 50 ගානෙ සල්ලි දුන්නා.
ඕක තමයි ඇත්තම ඇත්ත දෙවියනෙ.

දැං මාව හිතා මාතාම නොකරපු කුඩු මගුලකට සම්බන්ද කරන්න මේ ගහන ගේම් එකක්.
හැබැයි සාප වෙනවා මේ කරන පවුකාර වැඩේට .මම නම් සාප ඉල්ලනවා.මාර කරුමයක් වුණානේ.”