political-party-shifting

විවිධ දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් විස්සකට ආසන්න පිරිසක් විවිධ කරුණු කාරණා හේතුවෙන් පක්ෂ මාරු කිරීමේ තීරණය ගැනීමට දෙගිඩියාවකින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.මේ අතර සමහර මන්ත්‍රීවරුන්ට ඒ ඒ පක්ෂ දෙන බවට පොරොන්දු වූ වරදාන වරප්‍රසාද නොලැබීම හේතුවෙන් පක්ෂ මාරු කිරීම කල් දමා ඇතැයි දැනගන්නට ඇත.



සමගි ජන බලවේගය පක්ෂයේ එක්තරා ප්‍රබල නායකයකු යන්න ගිය පක්ෂයෙන් ඔහු ඉල්ලූ තනතුරක් ලබා නොදීම හේතුවෙන් යළිත් එම එම පක්ෂයට සම්බන්ධ වීමට පණිවිඩ එවමින් සිටින බව වාර්තා වේ. මේ අතර තවත් මන්ත්‍රීවරුන් පිරිසක් ජනතා කැමැත්ත පිළිබද සමීක්ෂණ වාර්තා විමර්ශනය කිරීමෙන් අනතුරුව පක්ෂ මාරු කිරීම් කල් දමා ඇති බව පවසන එම ආරංචි මාර්ග, විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ආණ්ඩුවට සම්බන්ධ කර ගැනීමට දරන උත්සාහයේ දී සමහර මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීම හේතුවෙන් ද එම එම දෙදෙනා සම්බන්ධ කර ගැනීම දුෂ්කර වී ඇති බව සඳහන් කරයි. ක

ෙසේ වෙතත් ජනාධිපතිවරණයට පෙර මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමේ මෙහෙයුම් ඒ ඒ දේශපාලන පක්ෂ තුළ දිගින් දිගටම සිදුවෙමින් පවතින බව ආරංචි මාර්ග සඳහන් කළේය.

සුජිත් හේවාජුලිගේ