
තැපැල් සේවකයින් හෙට (08) සහ අනිද්දා (09) පැය 48ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භකරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පවසා සිටියේ, එම සංකේත වර්ජනය මධ්‍යම තැපැල් හුවමාරුවේ අද (07) සවස 04 සිට ආරම්භ කිරීමට තීරණය කළ බවයි.
එමෙන්ම අනෙකුත් සියලුම තැපැල් කාර්යාලවල අද (07) මධ්‍යම රාත්‍රියේ සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අරම්භ කරනු ඇත.ඉල්ලීම් තුනක් මුල්කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව දන්වා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval