puttalam-school-incident

පුත්තලම නගරයෙ ප්‍රධාන පෙලෙ පාසලක ගුරුවරයකුට පාසලේ ප්‍රධාන දොරටුව අසලදී සිසුවකු එල්ල
කල  පිහි ප්‍රහාරයකට ලක්ව ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව පුත්තලම
මූලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස පිහි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ප්‍රධාන පෙලේ පාසලේ ගණිත විෂය භාර ගුරුවරයා බවත් ඔහු
විනය සම්බන්ධව ද පාසලේ කටයුතු කරමින් සිටින අයකු බවද පරික්ෂණ වලදි සනාථ වී තිබේ.

පිහි ප්‍රහාරයට ලක්වු ගුරුවරයා කඩිනමින් පාසලේ ගුරුවරුන් විසින් ප්‍රතිකාර සදහා පුත්තලම මූලික
රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර තිබුනී.

ගුරුවරයාට මෙම පිහි ප්‍රහාරය එල්ල කර ඇත්තේ එම ප්‍රධාන
පෙලේ පාසලේ අපොස උසස් පෙළ ශ්‍රේණි වල අධ්‍යාපනය ලබන සිසුවකු බව කියයි.

අදාල සිසුවා පාසලට එමින් සිටියදී ගුරුවරයා ප්‍රධාන දොරටුව අසලදී කිසියම් සිදුවිමක් සම්බන්ධව
ප්‍රශ්ණ කර ඇති බවත් එහිදි සිසුවා සගවා ගෙන සිටි පිහියක් ඇද එකවර ගුරුවරයාගේ උදරයට එක් පහරක්
එක්ක කර ඇති බව කියයි.
එහිදි පිහි පහරට ලක්වු ගුරුවරයා එකවර ඇද වැටි ඇති බවත් සිසුවා පිහියත් රැගෙන එම ස්ථානයෙන් පැන
ගොස් තිබු බවද කියයි.

කෙසේ නමුත් මෙම සිසුවා හා ගුරුවරයා අතර කුමන ප්‍රශ්ණයක් මත මෙම පිහි ඇනුව සිදුවුවා දැයි යන්න
පොලිස් පරික්ෂණ ආරම්භ වි ඇති බව කියයි.



ලැබෙන තොරතුරු මත වාර්තා වන්නේ මෙම සිසුවාගෙ කොන්ඩය සම්බන්ධව අදාල ගුරුවරයා කිසියම් දැනුවත්
කිරීමක් කර තිබු බවත් එය පිහි ප්‍රහාරයට ලක්වු දින උදෑසනද ඒ පිළිබදව ප්‍රශ්ණ කිරීමේදි මෙම පිහි
ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
නමුත් මෙම කරුණු නිවැරිදි දැයි යන්න පොලිස් කණ්ඩායම් පරික්ෂණ ආරම්භ කර තිබේ.

පසුව අදාල පිහි ප්‍රහාරය එල්ල කල අපොස උසස් පෙළ ශ්‍රේණියක අදාල සිසුවා පුත්තලම මූලස්ථාන
පොලිසියෙ නිළධාරීන් පිරිසක් විසින් පිහි ප්‍රහාරය එල්ල කර සුළු වේලාවකින් පාසල තුළදිම අත් අඩංගුවට
ගෙන ඇති බව කියයි.
කෙසේ නමුත් මෙම සිසුවා කුමන මානසික මට්ටමකින් මෙම තත්වයට මුහුණ දුන්නාද යන්න පොලිසිය පරික්ෂණ
ආරම්භ කර ඇති බව කියයි.

මෙම සිසුවා එල්ල කල පිහි ප්‍රහාරයෙන් ගුරුවරයාගේ උදරයෙ අගල් දෙකකට ආසන්න යටට බැස තිබු
බවත් ඔහුගේ තත්වය බරපතල නොවන බවත් රෝහල් ආරංචි මාර්ග වලින් පැවසෙයි.

( හිරාන් ප්‍රියංකර)