randika-gunathilaka-speaks

 ජනප්‍රිය රංගන ශිල්පී රන්දික ගුණතිලක ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක් ලෙස අද 'මොනරා' පුවත්පතේ සඳමඩල අතිරේකයේ පළකර ඇති සාකච්ඡාව තමා ලබානොදුන් එකක් බවත් එහි පළවූ අදහස් ගැන වග නොකියන බවත් රන්දික ගුණතිලක සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ දන්වා තිබේ.
එහි මෙසේ සටහන්වේ.

"වෘත්තීය රංගන ශිල්පියෙකු ලෙසත් සාමන්‍ය මනුස්සයෙක් විදියටත් තමන් කතාකරන දේවල් පිළිබද වගකීම තමා සතු බව මම දැඩිව විස්වාස කරන කෙනෙක්. ඒ නිසාම වගකීම ගත නොහැකි කිසිම දෙයක් කතා නොකර ඉන්න මම වගබලා ගන්නවා වගේම තමන් කතා කරන හැමදෙයක්ම සිහියෙන් සහ අවබෝදයෙන් කතා කරයුතුයි කියලා හිතනවා.
මේ ගැන කියන්න සිද්ද වුණේ සිදුවුණ අපහසුතාවක් නිසා.paper artical එකක් ඇතුලේ "කලාකරුවෙක්ගෙ මොනවහරි දෙයක් ලියනවා"කියලා හිතන සමහර මාධ්‍යවේදීන් නැති කරලා දාන්නේ ඔවුනේ , මගේ වෘත්තීය ගෞරවය විතරක් නෙමෙයි.ආදරණීය ප්‍රේක්ෂකයො අපි ගැන තියල තියන විස්වාසය.ඒ නිසා මගේ දැනුවත් වීමකින් තොරව පල කරන මේ ආර්ටිකල් එකේ වගකීම මම භාර නොගන්න බව කියන්න ඕනේ.


"Genuine journalism is expensive" කියන කාරණාව තේරුම් ගැනීම ඉතාම වැදගත්.තමනේ වෘත්තීයට අවංක වීම තමන්ට වගේම තව ගොඩක් දෙනෙක්ට බලපාන දෙයක්.ජනමාධ්‍ය කියන්නේ කලාවේ කොටසක්.එය වගකීම සහගත් එකක් වියයුතුයි කියන එක මගේ විස්වාසයි."
රන්දික ලබාදුන් ආකාරයට පළකර තිබූ ලිපිය පහතින්