ranil-22

 ජනාධිපතිවරණය අවසන් වන තුරු 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් නොකරන බව අධිකරන ඇමති විජේදාස රාජපක්ෂ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබියදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම කෙටුම්පත ගැසට්කළ අතර ඒ සම්බන්ධයෙන් මේ වනවිට විශාල ආන්දෝලනයක් ඇති වී තිබේ.



අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් නොකරන බව ඊයේ (18) ප්‍රකාශ කර තිබූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියෝගය පරිදි එම කෙටුම්පත නිකුත් කර තිබෙන්නේද 18 වැනි දිනමය.

මේ අනුව අධිකරණ ඇමති සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම බැහැරකරමින් ජනාධිපති රනිල් වික්‍රසිංහ ක්‍රියාකර තිබේ.

ඇතැම් තතු දත් පාර්ශ්ව හෙළිකර තිබෙන්නේ මෙම කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම ජනාධිපති සහ අධිකරණ ඇමති ඒකාබද්ධ සංදේශයක් ලෙස ගෙන එන අවස්ථාවේදී පවා දෙදෙනා අතර බරපතළ ගැටුමක් පැවති බවය. විජේදාස රාජපක්ෂ ඇමති එම කැබිනට් සංදේශයට අත්සන් තැබීම මුලදී ප්‍රතික්ෂේප කරන ලද බව තහවුර වී තිබේ.

මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවේ 2/3 සම්මත වීම මගින් ජනපතිවරණයට පෙර ජනමත විචාරණයක් පවත්වන්නට රජය උත්සාහ දරයි. 2/3 බහුතරයකින් සම්මතවීමක් නොවුණොත් එය වලංගු නැති අතර ජනපතිවරණයට පෙර මහමැතිවරණයකට රජය සූදානම් වෙමින් පාර්ලිමේන්තුව විසුරුවනු ඇති බවට ආරංචි පළවිය.
මේ වනවිට අතිශය විවාදයට ලක්ව ඇති22 සංශෝධනය පාර්ලිමේන්තව තුළ 2/3 කින් සම්මතවීමට පක්ෂ ගණනාවක් විරෝධය පළ කර ඇති පසුබිමක ජනපතිවරයා දේශපාලන අර්බුදයක් නිර්මාණය කරන්නට උත්සාහ දරන බව පෙනෙන්නට තිබේ.

ජනපතිවරණයකට ඔන්න මෙන්න කියා තිබියදී සිදුකරන මෙම තුරුම්පු ගැසීම පුද්ගල බල ආසාව මගින් රටකට අධික වියදමක් හා අනවශ්‍ය අර්බුදයක් මතුකර ඇති බව නීතීඥ සංගම් පෙන්වා දී ඇත.

22 වන සංශෝධනය ගැසට් කර ඇත්තේ පහත පරිදිය.






සම්බන්ධිත පෙර ලිපි
ජනපතිවරණෙට පෙර "22 "ගැසට් කිරීම අකුළාගනී

රනිල්ගේ අවසාන තුරුම්පුව '22 සංශෝධනය' ජනපතිවරණය වෙනුවට මහමැතිවරණය හෝ ජනමත විචාරණයක්