ranil-22
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාව (ආ) ඡේදයෙහි සඳහන් “සාවුරුද්දක් ඉක්මවා” යන වචන වෙනුවට “වසර පහක් ඉක්මවා” යන වචන ආදේශ කරමින් 83 වන ව්‍යවස්ථාව (ආ) ඡේදය සංශෝධනය පිණිස අමාත්‍ය මණ්ඩලය සිය ප්‍රතිපත්තිමය අනුමැතිය පසුගිය ජූලි 09 වනදා ලබාදුන් අතර

ඒ සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස්කළ කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශන ලැබී ඇත කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට නියමිත අතර ඉන් අනතුරුව පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කෙරේ.
ඒ අනුව 22 වන ව්‍යවස්ථා සංශෝධනයක් මතුකර තිබෙන පසුබිමක කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මතවීම සිදුවිය යුතුය.


එයින්ද නොනැවතී එය වලංගු විමට ජනමත විචාරණයක් අවශ්‍ය වේ.
මේ නිසා ජනාධිපතිවරයාට ජනමත විචාරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසමට උපදෙස් ලබාදෙන වතාවරණයක් උද්ගත වනු ඇතැයි වාර්තාවේ. ඒ අනුව ජනපතිවරණය නොකැඳවා ජනමත විචාරණයකට යාමටත් ජනමත විචාරණය පරාජය වීමෙන් "සාවුරුද්දක් ඉක්මවා" යන්න අනුව යමින් රනිල් තවත් වසරක් බලයේ රැඳී සිටීමටත් අපේක්ෂා කරයි.
මෙම දේශපාලන තුරුම්පුව වැරදී යන්නට ඇති එකම ඉඩ වන්නේ කෙටුම්පත පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකකින් සම්මත නොවන අවස්ථාවකය.

එසේ වු‍වහොත් පාර්ලිමේන්තුව විසුරුවීමටද ජනපති සූදානමින් සිටින අතර ඒ අනුව ජනපතිවරණය වෙනුවට මහමැතිවරණයක් පවත්වන බව වාර්තාවේ.
මේ සියලු උත්සාහයන් සිදුවන්නේ ජනපතිවරණ පරාජයට ඇති බිය නිසා බව පෙන්වා දෙන
නීතීඥ සාමුහිකය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ මෙම උත්සාහය නිසා
ශ්‍රී ලංකාවට ජාතික මැතිවරණ දෙකක බරක් දැරීමට සිදුවන බවත් බලය පිළිබඳ පිපාසාවකින් කරන මේ වෙනස්කම් මගින් රටේ ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය කරනු ඇති බවත්ය.

ඔවුන් තවදුරටත් පවසන්නේ, ජනමත විචාරණයක් පැවැත්වීම යනු රුපියල් බිලියන ගණනන් වැය වන ක්‍රියාවලියක් බවයි.

පළාත් පාලන ඡන්දය පැවැත්වීමට අරමුදල් නොමැති බවට ශ්‍රී ලංකා රජය අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කර ඇති බව ද නීතීඥ සාමූහිකය පෙන්වා දෙයි.

ඔවුන් පවසන්නේ, මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ හෝ ජනාධිපතිවරයාගේ ධුර කාලයේ උපරිමය සම්බන්දයෙන් කිසිදු හදිසි අවශ්‍යතාවක් නොමැති බවයි.


යෝජනා කර ඇති ව්‍යවස්ථා සංශෝධනය මැතිවරණ ක්‍රමවේදය තවත් අර්බුදකාරී මට්ටමකට ගෙන ඒමේ ප්‍රයත්නයක් බව ඔවුහු පෙන්වාදෙති.


ජනාධිපතිවරණය කල්දැමීමේ ආණ්ඩුවේ අවසාන තුරුම්බුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බවත්  22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 83  (ආ) වගන්තිය ඇතුළු වගන්ති තුනක් සමඟ ගැටෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (17) කොළඹ පැවති මාධ්‍ය  හමුවකදී  පැවසීය.

 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට නීතිමය බලතල ඊයේ දින සිට හිමිවූ බවත් ජනාධිපතිවරයාගේ නිල කාලය සහ පාර්ලිමේන්තුවෙන් නිල කාලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (2) උපවගන්තියේ සහ 62(2) උපවගන්ති ඉතා පැහැදිලිව දක්වා ඇති බවත් ඒ මහතා කීය.

විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හදිසි පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැකි බව කී ජී. එල්. පීරිස් මහතා පැවසුවේ ආණ්ඩුක්‍රව ව්‍යවස්ථාවේ 122(3) උපවගන්තියෙන් එය ඉතා පැහැදිලිව දක්වා ඇති බවත්ය.

ජනාධිපතිවරණයක් අත ළඟ තිබේදී මෙවැනි සංශෝධනයක් ගෙන එන්නේ ආණ්ඩුව මැතිවරණවලට ඇති භීතිකාව හේතුවෙන් බවත් මැතිවරණ කොම්ෂන් සභාව තව දින 13 ක් ඇතුළත ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වැඩි දුරටත් පැවසීය.