ranil-35-slpp

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) මන්ත්‍රීවරුන් 11 දෙනෙකු ජනාධිපතිවරණයට තම අපේක්ෂකයා ඉදිරිපත් කිරීමට පක්ෂ දේශපාලන මණ්ඩලය ගත් තීරණයට විරුද්ධ වූහ.
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද පැවති දේශපාලන මණ්ඩල රැස්වීමේදී තීරණය කළ අතර
දේශපාලන මණ්ඩල සභිකයින් 82 න් 79 දෙනෙකු මෙම රැස්වීමට පැමිණ සිටි බව වාර්තා විය.  නමුත් ඒ අය අතර සිටියේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 16 දෙනෙකු පමණක් බව වාර්තා විය.
රනිල් වෙනුවට පක්ෂයේ කෙනෙකු යෙදවීම තීරණයට එරෙහිවූ  11 දෙනා වූයේ

  1. මහින්දානන්ද අලුත්ගමගේ,
  2. කංචන විජේසේකර,
  3. රමේෂ් පතිරණ,
  4. ප්‍රසන්න රණතුංග,
  5. බන්දුල ගුණවර්ධන,
  6. එස්.බී. දිසානායක,
  7. මොහාන් පී ද සිල්වා,
  8. කනක හේරත්,
  9. කෝකිලා ගුණවර්ධන,
  10. ප්‍රදීප් උඳුගොඩ
  11. සහන් ප්‍රදීප්.


කාරියවසම් විසින් මෙහිදි ඉදිරිපත් කළ අවස්ථාවේ එම යෝජනාවට සහභාගී වූ මන්ත්‍රීවරුන් 11 දෙනෙකුම දැඩි ලෙස විරුද්ධව අදහස් ප්‍රකාශ කර තිබූ අතර පොහොට්ටුවේ ජනාධිපති ධූරය අපේක්ෂාවෙන් සිටි ධම්මික පෙරේරාගේ නමක් වත් සඳහන් නොවීම විශේෂිතවූ බව පැවසේ.
මෙහිදි අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ මෙය පක්ෂයේ තීරණයක් බැවින් එයට සියලු දෙනා එකඟ විය යුතු බවයි.



එම අවස්ථාවෙහි රැස්වීම අවසන එහි රැඳී නොසිටි මෙම පිරිස රැස්වීමෙන් පසු වහා පිටව ගොස් ඇති අතර ඔවුන් සියල්ලන් රනිල් වික්‍රමසිංහගේ නිවසට ගොස් ඇති බව දැනගන්නට ලැබිණි. ඉහත විරුද්ධවීම් වලදී නිහඩව සිටි නමුත් තමාත්  තමාගේ පියා  ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාත් සහාය දෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා  මාධ්‍ය වෙත පවසා තිබේ.රනිල් නිවසට ගිය පිරිසට අද මහින්දගේ රැස්වීමට නොපැමිනි අයද එක්ව තිබුණි.
පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 35 දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට පැමිණ ඇති අතර ඔවුන් එහිදි ජනාධිපතිවරයාට සිය පූර්ණ සහය ලබා දෙන බව පවසා තිබෙයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පවසා ඇත්තේ ඉදිරියේදී ජනපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරය සෘජුවම දායකත්වය ලබා දෙමින් කටයුතු කිරීමට තමන් සූදානම් බවයි.

මෙම තීරණයත් සමග පොදුජන පෙරමුණේ අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වී ඇති බවත් පක්ෂයේ ප්‍රබල දෙදරා යාමක ලකුණු පහළව ඇති බවත් දේශපාලන ආරංචි පවසයි.
රනිල් හමුවී ඇතැම් පිරිස් පවසා ඇත්තේ පක්ෂය විනාශ කිරීමට පක්ෂ ලේකම් සාගර කාරියවසම් කටයුතු කරමින් යන බවයි. රට ගැන නොසිතා පුද්ගල වාසි තකා ඇති බවයි.