ranil-again-president
ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අතර ජනපතිවරණය පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කර පැයක පමණ කාලයක් ඇතුළත මීට ස්වල්ප මොහොතකට පෙර ඇප මුදල් තැන්පත් කර ඇති බව වාර්තා වෙයි.


ඒ සමගම පොහොට්ටුවේ අපේක්ෂකයෙකු ලෙස රනිල් ඉදිරිපත් නොවන බවද පැහැදිලි වී තිබේ.
ඒ අනුව ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ පළමු අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා වනු ඇත.
ජනාධිපතිවරණය සඳහා වන ගැසට් නිවේදනය අනුව ලබන සැප්තැම්බර් 21 ඊළඟ ජනපතිවරණය පැවැත්වේ.