ranil-basil-sagara

බැසිල් රාජපක්ෂ විදෙස් ගතව සිටි වෙලාවක මේ වසරේ මාර්තු මාසයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවේ අය 10 ක් පමණ කැඳවා තිබෙන බවත් ඊට මියගිය සනත් නිශාන්ත,පවිත්‍රා වන්නිආරච්චි,ජොන්ස්ටන් ප්‍රනාන්දු,ප්‍රසන්න රණතුංග,සීබී රත්නායක,එස්එම් චන්ද්‍රසේන,රෝහිත අබේගුණවර්ධන හා තමාද ඇතුළු පිරිසක් එක්වූ බවත් සාගර කාරියවසම් ඊයේ සිරස නාලිකාවේ සාකච්ඡාවකදී සඳහන් කර තිබේ.


කැඳවූයේ කුමකටදැයි තමා දැන සිටියේ නැති බව කියන සාගර එම සාකච්ඡාවේදී ඉදිරි ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතිය ගැන කතා කරන්න සූදානම් වූ බවත් හෙළි කර තිබේ.
ඔහු වාඩිවුනේම 'මගේ ඉදිරි ජනාධිපතිවරණ ප්‍රචාරණය කරන්නෙ කොහොමද කියල දැනගන්න කතා කරේ' කියමින් බවත් තමා ඇතුලු අය මේ අසා අන්දමන්දවූ බවත් කීය.


එම සාකච්ඡාව ආරම්භ කරද්දීම තමා ඊට විරුද්ධවූ බවත් ප්‍රතිපත්ති නොගැළපීම් තිබෙන නිසා පක්ෂයේ අනුමැතිය ලබාගෙන මෙම තීරණය ලබාගත යුතු බවත් තමා ප්‍රකාශ කළ බවත් සාගර කාරියවසම් හෙළි කර තිබේ.
ජනපති තනතුරට රනිල් පත්කලේ පක්ෂයේ කිසියම් තීන්දුවකට කාලයක් සඳහා පමණක් බව තමා මතක් කරදුන් බවද ඔහු කීය.
එම අවස්ථාවේ බැසිල් රාජපක්ෂ විදෙස් ගතව සිටි නිසා තමන් ඇතුළු පිරිස මෙම කතා නිසා අන්දමන්දවූ බවත් සාකච්ඡාව අවසානයේ පිටව යද්දී ජොන්ස්ටන් ප්‍රනාන්දු තමාට කියා සිටියේ සාගර ඇයි ඔයා රටේ ජනාධිපතිට එහෙම කතා කලේ ලෙසින් බවත් ඔහු පවසයි.