ranil-galle

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) ගාල්ලේදී සංවිධානය කර තිබූ දේශපාලන රැළියට අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, ටිරාන් අලස්, ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, මනුෂ නානායක්කාර, අලි සබ්‍රි හා රාජ්‍ය අමාත්‍යවරුන් වන චාමර සම්පත් දසනායක, ගීතා කුමාරසිංහ ඇතුළු පිරිසක් එක්වී තිබේ.
ඊට අමතරව අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් ද රනිල්ගේ දෑත් ශක්තිමත් කිරීමට එක් වූයේය. ඔහු කලාවැව ආසනය නියෝජනය කරන්නෙකි. මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාද එක්විය.
පාර්ලිමේන්තුව නියෝජනය නොකරන මුතුහෙට්ටිගමද මීට එක්විය.


උත්තර ලංකා සභාගය නියෝජනය කළ සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක ඒ.එල්.එම් අතාවුල්ලා සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ගයාශාන් නවනන්දන මහතාද ගාල්ල එක්ව ජයගමු වේදිකාවේදී රනිල් වික්‍රමසින්හ මහතාට සහාය දැක්වීමට එක්ව සිටි බව වාර්තා විය.

"එක්ව ජයගමු" යන මැයෙන් මෙම ජන රැලිය සංවිධානය කර තිබුණි.

මීට අමතරව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, හිටපු පුරපතිනී රෝසි සේනානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, වජිර අබේවර්ධන සහ සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා ද එම ජනරැළිය හා එක්වී ඇත.

එම රැලියේදී තමා ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.