ranil-kanchana-matara

මාතර කොටුව ක්‍රීඩාංගනයේ දි ඊයේ පැවැත්වූ "එක්ව ජය ගමු අපි මාතර " ජන රැළිය කංචන විජේසේකර සංවිධානය කළ අතර පොහොට්ටුවට සම්බන්ධිත දේශපාලකයින් රනිල්ගේ දෑත් ශක්තිමත් කරවීම සදහා මෙය පැවැත්වූ බවට දේශපාලන කථාබස් පැවතිණි.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මීට එක්විය.


කෙසේ වෙතත් මෙම රැළිය සඳහා පොහොට්ටුවෙන් එක්වූයේ කිහිප දෙනෙකි.
විදුලිබල හා බලශක්ති ඇමැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කංචන විජේසේකර, ප්‍රසන්න රණතුංග, අලි සබ්රි, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන, කනක හේරත්, මහින්දානන්ද අලුත්ගමගේ, රමේෂ් පතිරණ
ඇතුලු පිරිස් මෙන්ම ඩග්ලස් දේවානන්දා, සාගල රත්නායක, හරින් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් ද එම රැලියට එක්ව සිටි බව පැවසිණි. ඉන් සමහරු රැලිය ඇමතූහ.



කාංචන විජේසේකර මෙසේ කීවේය.

ඔබ අහයි පොදුජන පෙරමුණ තීන්දුවක් අරන් ද තියෙන්නේ කියලා. ඔබතුමන්ලා එකතුවෙලා ද මේ යන්නේ කියලා. රමේෂ් පතිරණ ඇමතිතුමා, මීට පෙර කතා කරපු සබ්රි ඇමති තුමා, ප්‍රසන්න රණතුංග ඇමතිතුමා, වෙලාව අඩු නිසා කතා නොකර වාඩි වෙලා ඉන්න මහින්දානන්ද ඇමතිතුමා ඇතුළුව පොදු ජන පෙරමුණ නියෝජනය කරන පොදුජන පෙරමුණ නියෝජනය කරන අපි හැමෝගෙම බලාපොරෙත්තුව තියෙන්නේ ඔබතුමා ජනාධිපතිවරණය ඉදිරිපත් කරවලා ජයග්‍රහණය කරවන්න.



මම දන්නවා අපේ පක්ෂ නායකයන් ඒ පිළිබඳව හොඳ අවබෝධයකින් ඉන්නවා. පක්ෂ නායකයො නොවන කිහිප දෙනෙක් විවිධ කතා කියන්න පුලුවන්. එහෙම කතා පහුගිය කාලෙත් කියලා තියනවා.

ඒ සියලු දෙනා දන්නවා පොදු ජන පෙරමුණේ ඉන්නේ දේශපාලන තීන්දු ගන්න බය මිනිස්සු නෙමෙයි කියන එක. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට බැස්සෙත් එදා දවසේ ඒ පක්ෂ නායකයා රටට අවශ්‍ය නිසි තීන්දු තීරණ ගත්තේ නැති නිසා. පොදුජන පෙරමුණ කියන දැවැන්ත පක්ෂය අපි බිහි කළේ රටේ අවශ්‍යතාවය වෙනුවෙන්. මම විශිවාස කරනවා පොදු ජන පෙරමුණේ නායකයාත් පක්ෂ නායකයකනුත් හොඳ අවබෝධයකින් ඉන්නවා විතරක් නෙමෙයි, ජනාධිපතිවරණය නම් කළ විගස පොදු ජන පෙරමුණේ කොටසක් නෙමෙයි, කෑල්ලක් නෙමෙයි, පොඩ්ඩක් නෙමෙයි, මහ පලුවත් එක්කම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න පෙළ ගැසෙනවා කියලා අපි දන්නවා.