ranil-slfp-support

එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පළ කරන බව එම පක්ෂය අද (31) නිවේදනය කළේය.


2024 ජනාධිපතිවරණයේදී කුමන අපේක්ෂකයාට සහය පළ කරන්නේද යන්න සාකච්ඡා කිරීම සඳහා  නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය හා මධ්‍යම කාරක සභාව රැස්වුණු අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබුණි.
සහයෝගය දෙන ලෙස නිදහස් පක්ෂයෙන් ඉල්ලීමක් කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ඔහු තවදුරටත් සඳහන් කළේ, තම පක්ෂයේ යෝජනාවලිය රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවයි.  

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව, විධායක සභාව හා දේශපාලන මණ්ඩලය අද (31) රැස්වී මෙම තීරණය ගත්තේ
 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී රැස්වීමෙනි.