විදේශ විද්‍යුත් නාළිකාවක සේවය කරන කාන්තාවකට අයත් රත්මලාන ගාමිණී පටුමඟේ පිහිටි දෙමහල් නිවෙසකින් රුපියල් ලක්ෂ 20කට ආසන්න රන් භාණ්ඩ සොරාගත් ‘රත්මලානේ බුරියා’ නමැත්තා දින 5ක් වැනි කෙටි කාලයක් තුළ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
සැකකරු සොරාගෙන තිබූ දේපළ අතර පවුම් 11 හමාරක් බර තැල්ලක් සහිත මාලයක්, වළලු 2ක් හා මුදුවක් පොලිස් භාරයට ගෙන ඇත.
ඉකුත් මස 24 දින නිවෙසේ හිමිකාරිනිය සහ ඇයගේ සැමියා රැකියාව සඳහා පිටව ගොස් සිටි අවස්ථාවේදී වැඩිමල් පුතු ගේ තුළ නිදාගෙන සිටි ඇති අතර, පොඩි පුතු ඉදිරිපස දොර වසා දමා යතුර නිවෙස ඉදිරිපිට තබා ඇති සපත්තු රඳවනයේ සඟවා ක්‍රීඩා කටයුතු සඳහා නිවෙසින් පිටව ගොස් ඇත.
මේ අතරවාරයේ නිවෙස ඉදිරිපිටට පැමිණ ඇති සැකකරු සඟවා තිබූ යතුර දැක එය රැගෙන ඉදිරිපස දොර විවෘත කරගෙන නිවෙසට ගොස් අල්මාරියේ තිබූ රන් භාණ්ඩ තොගය සොරාගෙන පිටව ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. සැකකරු නිවෙසට ඇතුළු වන අයුරු ඉදිරිපිට නිවෙසක සවි කර තිබූ සීසීටීවී කැමරාවක පටිගතව තිබී පොලිසියට හමු වීමෙන් අනතුරුව සැකකරු හඳුනාගෙන අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මීට පෙර සොරකම් රැසකට සම්බන්ධ සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී සොරාගත් රන් මුදුවක් රත්මලාන ප්‍රදේශයේ පෞද්ගලික උකස් මධ්‍යස්ථානයකට රුපියල් 90,000කට උකස් කර තිබියදී සොයා ගැනීමට සමත් වී ඇත. සෙසු භාණ්ඩ සැකකරුගේ නිවෙසේ සඟවා තිබියදී සැකකරුගේ ප්‍රකාශ මත සොයාගෙන තිබේ. 50 හැවිරිදි සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වති.
(බණ්ඩාරගම - බිමල් ජයසිංහ)
0 Comments