වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ R වාට්ටුවේ රදවා සිටින සිරදඬුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න සහ චතුර සේනාරත්න මහත්වරුන් පෙරේදා (29) බන්ධනාගාරයට ගොස් තිබේ.
අවස්ථා දෙකකදී මේ පිරිස එහි ගොස් ඇය සමග පැය බාගයක් පමණ සුහද කතාබහක නියැළී ඇති බව වාර්තා වේ.
වසර තුනක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රඳවා සිටින්නේ සාමාන්‍ය වාට්ටුවකය. සිරදඬුවම් ලැබූ කාන්තා රැඳවූවන්ට නියමිත ඇඳුම (සුදු රෙද්දක් සහ හැට්ටයක්) ඇඳ සිටින ඇයට අවශ්‍ය ආරක්ෂාව බන්ධනාගාරය තුළ සපයා තිබේ.
ඇය බැලීම සඳහා මසකට වරක් තිදෙනකුට අවස්ථාව හිමිවන බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එය අදාළ නැති බවත් පැවැසූ ඒ මහතා ඇයගේ නීතිඥවරයාට ද බන්ධනාගාරයට පැමිණ
ඇය හමුවිය හැකි බව පැවසේ.
ඇය විසින් විශේෂ ඉල්ලීම් කිසිවක් සිදු කර නැති අතර, ඇය විශේෂ වාට්ටුවක රැඳවීමේ අවශ්‍යතාවක් මේ දක්වා පැනනැඟී නැති බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි. තරුණයකු පැහැරගෙන ගොස් පහර දීමට ආධාර අනුබල දීමේ චෝදනාවට වරදකාරිය වී කොළඹ මහාධිකරණය විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට වසර 3ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් පසුගියදා (28) නියම කරනු ලැබීය.
0 Comments