sanath-jayasuriya-cricket-coach

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ එංගලන්ත ජාතික ක්‍රිස් සිල්වවුර්ඩ් මහතා තනතුරින් ඉවත් වීමත් සමග ප්‍රධාන පුහුණුකරු තනතුර මේ වනවිට පුරප්පාඩුව පවතියි.



මේ හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරුවෙකු පත්කරන තුරු අන්තර්වාර පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා පත්කර තිබෙයි.
 ඉන්දියාව සහ එංගලන්තය සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලි සඳහා සනත්ගේ තනතුර බලපැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණු කරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පසුගියදා පෞද්ගලික හේතුවක් මත එම තනතුරින් ඉල්ලා අස්විය.

සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ උපදේශකවරයකු ලෙස ද කටයුතු කරනු ලැබේ.