sinhabahu-video-uploader-remand

ආචාර්ය සෝම­රත්න දිසා­නා­යක විසින් අධ්‍ය­ක්ෂ­ණය කරනු ලැබූ ‘සිංහ­බාහු’ සින­මා­ප­ටය සිනමා ශාලා­ව­කදී අන­ව­ස­ර­යෙන් පටි­ගත කොට facebook හා සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා­හළ පුද්ග­ල­යකු ලබන 17 දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස මහ­නු­වර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය නියෝග කර තිබේ.



බුද්ධි­මය දේපොළ පනත යටතේ ශ්‍රී ලංකා පොලිස් නිල­ධා­රීන් විසින් අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු වෙනු­වෙන් නීතිඥ මඬුල්ල කළ ඇප ඉල්ලීම ප්‍රති­ක්ෂේප කර­මින් සැක­කරු බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස අධි­ක­ර­ණය නියෝග කර තිබේ. සැක­කරු විසින් මුදා­හළ එම සිනමා පටයේ දර්ශ­නය මේ වන විට මිලි­ය­න­ය­කට අධික ප්‍රමා­ණ­යක් නරඹා ඇති බව වාර්තා වන බව සැක­කරු ඉදි­රි­පත් කර­මින් පොලී­සිය අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය. අති විශාල පිරි­වැ­යක් දරා නිෂ්පා­ද­නය කර ඇති සිංහ­බාහු වැනි සිනමා පට කිසිදු අව­ස­ර­ය­කින් තොරව මෙලෙස පටි­ගත කිරී­මෙන් මේ වන විටත් ශ්‍රී ලාංකේය සිනමා ශාලා තුළ අති සාර්ථ­කව තිර­ගත වන සිනමා පට­ය­කට කර ඇති ආර්ථි­ක­මය හානිය පිළි­බ­ඳව අග­ති­යට පත් පාර්ශ්වය වෙනු­වෙන් අධි­ක­ර­ණය හමුවේ නීති­ඥ­යින් කළ කරුණු දැක්වීම සලකා අධි­ක­ර­ණය සැක­කරු රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කළේය.