slmc-sajith

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ  ජාතික සංවිධායක ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්.තවුපික් මහතා පැවසූවේ මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිමිවන බවයි.



ජාතික සංවිධායකවරයා පවසා සිටියේ වර්තමානය වනවිටත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමගි ජනබල වේගය සමග කටයුතු කරන අතර තම පක්‍ෂයේ උත්තරීතර මණ්ඩලය සහාය දෙන්නේ කාටදැයි අවසන් තීරණයකට එළඹ නැතත් එම මණ්ඩලය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරනු ඇතැයි තමා විශ්වාස කරනා බවයි.

ජාතික සංවිධායක එම්.එස්.තවුපික් මහතා වැඩිදුරටත් පවසා සිටියේ, පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුප් හකීම් මහතා ඇතුළු පිරිස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  මහතා සමඟ දැනටමත් එක්ව කටයුතු කරනා බැවින් උත්තරීතර මණ්ඩලයේ සහයද සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙන ඇති බවයි.