slpp-presidential-candidate-on-monday

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා පිළිබඳ තවත් දින තුනක් ඇතුළත ප්‍රකාශයට පත් කරන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පවසයි.
අලුත්ගම ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ජනතාව තුළ විශ්වාසයක් ඇති සහ රටට ආදරය කරන පුද්ගලයෙකු සිය පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන බවයි.


ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන අපේක්ෂකයෙකු එලෙස සිය පක්ෂය විසින් නම් කරන බවත් ඒ සඳහා පක්ෂයේ මන්ත්‍රීවරු විධායක සභාව ඇතුළු ප්‍රධානීන්ගේ සාකච්ඡාවක් සතිඅන්තයේ පවත්වා සඳුදා තීරණය දන්වන බවත් පැවසීය.
මෙවර රනිල් වික්‍රමසිංහට සහය දෙනවාද ධම්මික පෙරේරාට සහය දෙනවාද නාමල් රාජපක්ෂට සහය දෙනවාද යන ප්‍රශ්න අතර මෙම පක්ෂය සිරව සිටින අතර අරගලයකින් පන්නා දැමීමට ලක්වූ ජනපතිවරයෙකුගේ අපකීර්තිය සමග ජනතාවට විහ්වාසය ඇති කළ හැකි නායකයෙකු සම්බන්ධ උගතෝකෝටිකයකට මොවුන් මුහුණදී සිටී.