sri-lanka-beat-india-third-twenty20

සංචාරක ඉන්දීය පිල සමග පල්ලෙකැලේ ක්‍රීඩා පිටියේ පැවැති විස්සයි20 තරගාවලියේ තුන්වන හා අවසාන තරගය ජයගන්නට ඉන්දීය පිල අද සමත් විය.කාසියේ වාසිය ලද ශ්‍රී ලංකා පිලේ ආරාධනයෙන්  මුලින් පන්දුවට පහරදුන් ඉන්දීය පිල කඩුලු 9 ක් දැවී ලකුණු 137 ලබා ගත් අතර ශ්‍රී ලංකාවද ලකුණු 137 ක්  කඩුළු 8 ක් දැවී ලබාගෙන ලකුණු සමකරගත්තේය.
මෙම අවස්ථාවේ ජයග්‍රහණය සඳහා ඉතා පහසු ඕවරයට ලකුණු 6 ක් පමණ ඉලක්කයක් තිබියදී කඩුළු පිට පිට කඩා වැටුණ නිසා ශ්‍රී ලංකාව ජයග්‍රහණය වෙනුවට ලකුණු සම කරගන්නට සිදුවිය.
ඒ අනුව සුපර් ඕවරයක් දෙපිලටම ලබාදුන් අතර එහිදී ඉතාම දුර්වල ලෙස සුපර් ඕවරයේ ශ්‍රී ලංකාව රැස් කලේ ලකුණු 2 ක් පමනි. එම ඕවරයේදී කඩුලු 3 ක් දවාගැනීමට සුන්දර් සමත්විය.


ඉන්දියාව සුපර් ඕවර පළමු පන්දුවෙන්ම 4 ක් ලබා තරගය ජයගත් අතර ශ්‍රී ලංකාව අතේ තිබුණ ජයග්‍රහණය නැති කරගත්තේය.

අද දින මහේෂ් තීක්ෂණ කඩුළු 3 ක් ලබාගත් අතර වනිඳු හසරංග කඩුළු 2 ක් ලබාගත්තේය.
 පිතිකරණයේදී කුසල් මෙන්ඩිස් 43 ක්ද කුසල් පෙරේරා 46 ක්ද ලබා ගත් නමුත් සුපර් ඕවරයේදී කුසල් මෙන්ඩිස් 1 ක් හා කුසල් පෙරේරා 0 ක් ලබා ලංකාවට පරාජයේ මාවත අත්කරදුණි.
තරග තුනකින් යුතු විස්සයි20 තරගාවලියේ තරග තුනම ලංකාවට පරාජය හිමිවූ අතර 3-0 ලෙස ඉන්දීය පිල ජයගෙන තිබේ.