sri-lanka-olympic-2024-paris-time-table

2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් පිරිමි කේවල තරග ඉසව්වේ මූලික වටයේ පළමු තරගය සඳහා ශ්‍රී ලංකාවේ විරේන් නෙත්තසිංහ අද (28) ඉදිරිපත් වූ අතර ශ්‍රේණිගත කිරීම්වල මේ වනවිට 07  වැනියා වන ප්‍රබල මැලේසියානු ක්‍රීඩක ලී සී ජියා හමුවේ තරග වට දෙකට බිංදුවක් ලෙස පරාජයට පත්විය.
පළමු තරග වටය 21ට 14ක් ලෙස සහ දෙවන තරග වටය 21ට 12ක් ලෙස මැලේසියානු ක්‍රීඩක ලී සියා ජියා ජයග්‍රහණය කළා.
විරේන් නෙත්තසිංහ සහභාගීවන මූලික වටයේ මීළඟ තරගය ලබන 30 වනදා ස්පාඤ්ඤ ක්‍රීඩක පැබ්ලෝ එබියන් සමඟ පැවැත් වෙනු ඇත.
ගංගා සෙනෙවිරත්න සහභාගීවන පිහිනුම් ඉසව්ව හෙට (29) පැවැත්වේ.
ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් ඉදිරියට සහභාගීවන තරග වෙන්කර ඇති කාලසටහන පහතින්

  • Badminton  Men's singles තරග ඉසව්ව July 27 - Aug 05 අතර    
Viren Nettasinghe  (July 28 මූලික වටයේ තරග 1/2)

  • Swimming Women's 100 m backstroke
Ganga Seneviratne  (July 29 මූලික වටයේ තරගය)

  • Badminton  Men's singles තරග ඉසව්ව July 27 - Aug 05 අතර    
Viren Nettasinghe  (July 30 මූලික වටයේ තරග 2/2)

  • Swimming Men's 100 m freestyle තරග ඉසව්ව July30 - 31 අතර
Kyle Abeysinghe (July 30 මූලික වටයේ තරගය)

  • Women's 800 m තරග ඉසව්ව Aug 02 - 05 අතර                            
Tharushi Karunarathna  

  • Men's 400 m තරග ඉසව්ව Aug 04 - 07 අතර
Aruna Darshana   

  • Women's Javelin throw තරග ඉසව්ව Aug 07 - 10 අතර
Dilhani Lekamge