sri-lanka-women-cricket-asia-world-cup

 අද පැවති ආසියානු කුසලාන විස්සයි20 කාන්තා ක්‍රිකට් අවසන් තරගයේදී ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජය කරමින් ශූරතාවය දිනාගන්නට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කන්ඩායම සමත් විය.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු විස්සයි20 ක්‍රිකට් ශූරතාව දිනූ පළමු අවස්ථාව මෙය වේ.


අද පැවති තරගයේදී මුලින් පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා ක්‍රිකට් පිල ඕවර 20 කදී කඩුලු 6 ට 165 ක් රැස් කළ අතර
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ඕවර 18.4 කදී කඩුලු 2 ට 167 ලබා ජයග්‍රහණය කරන ලදි.
මීට පෙර පැවැති ආසියානු කුසලාන විස්සයි20 කාන්තා තරගාවලි හතරේදී ශ්‍රී ලංකාව 2022 වසරේ පමණක් අනු ශූරියන් බවට පත්වී තිබේ.
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද පැවැති අවසන් මහ තරගයේදී හර්ෂිතා සමරවික්‍රම ජයග්‍රහණයේ දැවැන්ත කොටස්කාරියක් බවට පත්වෙමින් පන්දු 51 කින් හතරේ පහර 6 ක්සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 69 ක් රැස්කරන ලද අතර කවීෂා දිල්හාරි පන්දු 16 කින් හතරේ පහරක් සහ හයෙ පහරක් සමගින් නොදැවී ලකුණු 30 ක් රැස්කිරීමට සමත් වූවාය.
චමරි අතපත්තු පන්දු 43 කින් හතරේ පහර 9 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 61 ක් රැස්කරමින් ජයග්‍රහණයට අනගි අඩිතාලමක් දැමීමට සමත්වූවාය.
තරග සටහන පහතින්