sri-lankans-olympic-2024

ජූලි 26 වැනිදා ප්‍රංශයේ පැරිස් නුවරදී ආරම්භ වන 33 වැනි නූතන ගිම්හාන ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා නිර්දේශ තරග වැදීම් පෙරේදා (30) නිමාවට පත්වීමත් සමග මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු පැරිස් ඔලිම්පික් මලල ක්‍රීඩා තරගාවලියට සහභාගිවීමේ අපේක්ෂාවෙන් පසු වෙති.කෙසේ වුවත් පැරිස් ඔලිම්පික් සඳහා ශ්‍රී ලංකාවෙන් නිර්දේශ ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට තවත් දින කීපයක් ගත විය හැකි බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා පවසයි.



සුදුසුකම් ලේඛනයෙන් (කෙළින්ම තරග වැදීමෙන්) ශ්‍රී ලංකාවට මලල ක්‍රීඩාවෙන් පැරිස් ඔලිම්පික් සදහා කිසිදු ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට නිර්දේශ ලබාගැනීමට නොහැකි විය. එහෙත් ශ්‍රේණිගත ලකුණු ක්‍රමයෙන් ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තිදෙනෙක් ඒ සඳහා මේ මේ වන විට විශ්වාසය තබා සිටිති. එයින් මුලින්ම අවස්ථාව හිමි වන්නේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා නදීෂා දිල්හානි ලේකම්ගේටය. දෙවනුව එම අවස්ථාව සැළසෙන්නේ මීටර් 800 (කාන්තා) ඉසව්වෙන් තරුෂි දිල්සරා කරුණාරත්නටය.

අරුණ දර්ශන මීටර් 400 (පිරිමි) ඉසව්වෙන් පැරිස් ඔලිම්පික් නිර්දේශ තහවුරු කර ගැනීම සඳහා ශ්‍රේණිගත ලකුණු ක්‍රමයෙන් වඩාත් විශ්වාසයෙන් පසු වන සෙසු ශ්‍රී ලාංකික ක්‍රීඩකයායි. කෙසේ වුවත් ශ්‍රේණිගත ලකුණු ලබන අනුපිළිවෙළට අනුව ඉසව්ට ඇතුළත් කර ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ උපරිම නාම ලේඛනයට නිර්දේශ ලබා ගැනීමේදී මොවුන් මග හැරී ගියොත් ශ්‍රී ලංකාවට පංගු ක්‍රමය හෙවත් සුදුසුකම් නොලත් ලේඛනයෙන් (වයිල්ඩ් කාඩ්) මීටර් 100 හා මීටර් 800 යන කාන්තා හෝ පිරිමි ඉසව්  දෙකෙන්  පමණක් ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන් දෙනෙකු සහභාගි කිරීමේ අවස්ථාව සැළසී තිබේ.

එහිදී මේ වන විට එම ක්‍රමයෙන් පැරිස් ඔලිම්පික් නිර්දේශ අවස්ථාව ආසන්නයටම හිමි කර ගෙන සිටින්නේ මීටර් 800 ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න හා මීටර් 100 (පිරිමි) ඉසව්වෙන් යුපුන් ප්‍රියදර්ශන අබේකෝන්ය.

ඒ අනුව බැලීමේදී තරුෂි කරුණාරත්නට මෙවර ඔලිම්පික් උළෙලේදී නිර්දේශ ක්‍රම දෙකකින් අවස්ථාව සැළසී තිබේ.කෙසේවුවත් මීටර් 400 ක්‍රීඩක අරුණ දර්ශන ශ්‍රේණිගත ක්‍රමයෙන් පැරිස් ඔලිම්පික් නිර්දේශ ලබා ගැනීමට සමත් වන්නේ නම් පමණක් මීටර් 100 (පිරිමි) ඉසව්වෙන් ශ්‍රී ලංකා වට “වයිල්ඩ් කාඩ්” ප්‍රදානය අහෝසි වේ.මේ ආකාරයට අවසන් වරට පැවැති ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී (2022) මලල ක්‍රීඩාවෙන් යුපුන් අබේකෝන් මීටර් 100 (පිරිමි) ඉසව්වෙන් ශ්‍රේණිගත ලකුණු ක්‍රමයෙන්ද නිමාලි ලියනආරච්චි මීටර් 800 (කාන්තා) ඉසව්වෙන් වයිල්ඩ් කාඩ් ක්‍රමයෙන්ද නිර්දේශ ලබා තිබේ.

මේ අතර 102 වැනි ජාතික මලල ක්‍රීඩා තරගාවලියට සහභාගිවීම සදහා ඉතාලියේ සිට මෙරටට පැමිණි යුපුන් අබේකෝන්ට පැරිස් ඔලිම්පික් අවස්ථාව සළසා දෙන්නේ නම් ඔහුගේ ශාරීරික යෝග්‍යතාව පරික්ෂා කිරීම සඳහා විශේෂ තේරීම් තරගයකට සහභාගි සහභාගි කරන කරන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය පවසයි.ඔහු මෙරට ජූලි 7 වැනිදා දක්වා රැඳී සිටින බව වාර්තා වන අතර දියගම මහින්ද රාජපක්ෂ ධාවන පඨයේ ඔහු මීටර් 100 ඉසව්වේ අවසන් පූර්ව වටයේ තරග වදිමින් සිටින අතර පාදයක මස් පිඩු ආබාධයක් බව දක්වමින් ඉවත් විය. එහිදී සිදු කළ වෛද්‍ය පරික්ෂාවේදී එය තහවුරු වී තිබෙන බවද වාර්තාවේ.

මෙම තත්වය තුළ මීටර් 100 (පිරිමි) ඉසව්වෙන් ශ්‍රී ලංකාවට පංගු ක්‍රමය යටතේ අවස්ථාවක් සැළසෙන්නේ නම් එය යුපුන්ට ලබාදීම තීරණය වන්නේ එකී ශාරීරික යෝග්‍යතාව පරීක්ෂාවෙන් පසුවය.එහිදී මලල ක්‍රීඩා සංගමය ඔහුට ඉසව්වේ ධාවනයේදී අවම නිමි කාලයක් ලබා දෙන අතර වාර්තා වන අන්දමට දියගමදී පැවැති ජාතික මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 100 ඉසව්ව තත්පර 10.44 ක කාලයකට නිමා කළ චමෝද් යෝධසිංහට වඩා නිමි කාලයකින් සුපුන් තේරීම් තරගය අවසන් කළ යුතුය.



එසේ නොවන්නේ නම් මීටර් 100 (පිරිමි) ඉසව්වේ පංගු ක්‍රමයේ ශ්‍රී ලංකාවේ අවස්ථාව යෝධසිංහට හිමි වනු ඇත.මේ අතර පැරිස් ඔලිම්පික් නිර්දේශ අවසන් උත්සාහයේ නිරත වෙමින් ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ පංචකුලා නගරයේ පැවැති 63 වැනි ඉන්දීය අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා තරගාවලියට සහභාගිවූ ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයන් වන රුමේෂ් තරංග හා සුමේධ රණසිංහ පිළිවෙලින් මීටර් 79.39 ක් හා මීටර් 78.48 ක දක්ෂතාවයන් දක්වමින් ඉසව්වේ පස් වැනි හා හය වැනි ස්ථාන ලැබූහ.

පැරිස් ඔලිම්පික් නිර්දේශ සඳහා (මීටර 85.50) මීට පෙර අවස්ථාවක දකුණු කොරියාවේදී තරග වැදීමේදී රුමේෂ් තරංගට අඩු වූයේ (මීටර 85.45) සෙන්ටි මීටර් පහක් පමණි.පංචකුලා නගරයේදී පෙරේදා (30) සුමේධ වාර්තා කළේ ඉසව්වේ මම වසරේ මෙතෙක් හොඳම දක්ෂතාවයයි.ඒ අතර මීටර් 4x400 මිශ්‍ර ලංකාවට තෙවැනි ඉසව්වේදී ශ්‍රී ස්ථානය හිමි හිමි වූයේ විනාඩ් 3 තත්පර 18.18 කටය. පළමු ස්ථානය විනාඩි 3 තත්පර12.87කට ඉන්දීය ඒ කණ්ඩායමට අත් විය. දිලීප දේශාන් රාජිත රාජකරුණා, සයුරි මෙන්ඩිස්, නදීෂා රාමනායක ශ්‍රී ලංකා මිශ්‍ර සහය දිවීමේ කණ්ඩායම නියෝජනය කළේය.ශ්‍රී ලංකාවට ඒ සඳහා සහභාගි කිරීමට සිදුවූයේ ශ්‍රී ලංකා බී කණ්ඩායමක් බව සමන් කුමාර ගුණවර්ධන මහතා පවසයි. ඉසව්වේ දෙවැනි තැනට පත් ඉන්දීය බී කණ්ඩායම එහිදී වාර්තා කළ කාලය විනාඩි 3 තත්පර 14.22 කි.

නාමල් පතිරගේ