
ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදීනි සුමනා ජයතිලක මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. මියයනවිට 87 වියෙහි පසුවූවාය.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ජනප්‍රිය වැඩසටහනක් වූ 'හඳ මාමා' වැඩසටහනේ ආරම්භක නිවේදිකාව ලෙස ඇය වඩාත් ප්‍රකට විය.
ශ්‍රී ලංකා ගුවන්විලි සංස්ථාවේ විදුලි සංස්ථාවේ නිවේදිකාවක් ලෙස 1963 දී සේවයට බැඳී ඇති ඇය 1997දී ගුවන් විදුලි සේවයෙන් විශ්‍රාම යාමට පූර්වයෙන් එහි ළමා හා කාන්තා අංශයේ අතිරේක අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කරමින් සිටි අතර රුහුණු සේවය, මහනුවර සේවය ආදී ප්‍රාදේශීය ගුවන් විදුලි සේවාවන්වල වැඩසටහන් පාලකවරිය ලෙසට ද සිය සක්‍රීය මාධ්‍ය මෙහෙවර ඉටු කළ විශිෂ්ට චරිතයක් ලෙසට ද ගෞරවයට පාත්‍ර විය.
1953 මැයි 24 වැනි දා මෙරට සම්මානිත ලේඛකයෙකු වන කේ. ජයතිලක මහතා සමග විවාහ වන සුමනා මහත්මිය දරුවන් සිව් දෙනෙකුගේ මවකි.
Comments
Post a Comment
Your comment will be visible after approval