susil-speaks

නව පරිවර්තනීය අධ්‍යාපන ක්‍රමවේදය සමග 9 ශ්‍රේණියේ සිටිය දී දරුවන්ට සිය දෙමාපියන් ද සමග සාකච්ඡා කර ඉදිරි වෘත්තීය දිශානතිය තෝරා ගැනීමේ අවකාශ හිමි වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසීය.ඒ අනුව සාමාන්‍ය පෙළින් පසු අධ්‍යාපනය අවසන් කරන සිසු සිසුවියන්ට

මෙම ව්‍යවසායකත්වය පිළිබඳ හැදෑරීමේ වැඩි උපයෝගිතාවක් පවතින බවත්, 6 ශ්‍රේණියේ සිට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දීම, මෙම පරිවර්තනීය අධ්‍යාපන ක්‍රමවේදය හරහා උදා කරන බවත් හෙතෙම පැවසී ය.

අ.පො.ස උසස් පෙළ අධ්‍යයන කටයුතු සිදුකරන පාසල් 3000ක පළමු වටයේ දී ව්‍යවසායකත්ව කව පිහිටුවා ම

ේ විෂය සම්බන්ධ දැනුම හා පුහුණුව ලබා දීමට ඉදිරියේ දී ක්‍රියා කරන බව සුසිල් ප්‍රේමජයන්ත් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ කොළඹ පැවති උත්සවයකට සහභාගි වෙමිනි.එසේ ම රට නැවත යථා තත්ත්වයට පත් වෙමින් පවතින පසුබිමක ඉදිරියේ දී රටට සතුටුදායක ආරංචි කීපයක් ම ජනතාවට අසන්නට හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඇමතිවරයා පැවසීය.

මේ වන විටද ආනයනය තහනම් ව තිබූ බොහෝ භාණ්ඩ වර්ගවල තහනම ඉවත් කර ඇති බවත්, නව ලොව විද්‍යා තාක්ෂණ දියුණුව සමග කිසිදු රටකට අද හුදකලා විය නොහැකි බවත් පැවසූ අමාත්‍යවරයා, රට තුළ නිෂ්පාදනය කර ගත හැකි අත්‍යවශ්‍ය භාණ්ඩ මෙරටෙහි නිපදවා ගැනීමට මෙන් ම මෙරට නිපදවන භාණ්ඩ විදේශ වෙළෙදපොළට උචිත අන්දමින් ගුණාත්මක බවින් ඉහළ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන සේ නිෂ්පාදනය කිරීමට අප ක්‍රියා කළ යුතු බව පැවසීය.

ඒ සඳහා පදනම සැකසෙන්නේ පරියේෂණ හා නවනිපැයුම් මත බව කී අමාත්‍යවරයා ඒ සම්බන්ධ ව අපේ අධ්‍යාපන පද්ධතියෙන් ලැඛෙන අනුග්‍රහය ද තවත් වැඩි කළ යුතු බව සදහන් කළේ ය.

වර්තමානයේ ද මෙරට විශ්වවිද්‍යාල පද්ධතියෙන් බොහෝ පර්යේෂණ බිහි වුවත් ඒවා ප්‍රායෝගික ව භාවිත කළ හැකි මට්ටමට වැඩි දියුණු වීම සිදු නොවන තරම් බව කී අමාත්‍යවරයා එම පර්යේෂණ හරහා නවෝත්පාදන බිහි කර දේශීය හා විදේශීය වෙළෙඳපළට සරිලන නව නිෂ්පාදන බිහි කිරීමේ අවකාශ උදා වන පරිදි අධ්‍යාපන ක්ෂේත්‍රය නවෝත්පාදන ක්ෂේත්‍රයට සම්බන්ධ කළ යුතු බව පැවසීය.
නවෝද්‍යා පවනි