tharindi-speaks

රංගන ශිල්පිණී තරින්දි ප්‍රනාන්දු ස්වාධීන රූපවාහිනියේ වැඩසටහනකට එක්වෙමින් ඇගේ කුඩා කාලය ගැන විස්තරයක් කර තබේ. ඇය මෙසේ කියයි.


"පුංචි කාලේ නම් අපේ අම්මා ඉස්සර කියන්නේ මම කොලු නැකැතක ඉපදුනා කියල අපි කියන්නෙ මං අක්කා හම්බවෙලා මම හම්බෙන්ඩ බඩේ ඉන්න කොට අම්මා හිතලා තියෙන්නේ කොල්ලෙක් කියලා අක්කා හිතලා තියෙන්නෙ කොල්ලෙක් කියල මාව හම්බ වුණාට පස්සේ කෙල්ලෙක් කියලා දැනගත්තහම අඩලා තියෙනවා.


 ඉතිං චූටි කාලේ ඉඳන් මාව කරාබු දාන්නෙ නැතුව කොණ්ඩෙ කොටට කපලා එහෙම තමයි කලිසං අන්දලා එහෙම තමා හදලා තියෙන්නේ
තාත්තගෙ හොබී එක තමා මාළු අල්ලන එක.
 ටිකක් ලොකු කාලයක් වෙනකම් තිබ්බ මං තමයි එකම ළමය ඉන්ටවල් එකේදී ඉස්කෝලේ පිරිමි ළමයි එක්ක දුවන.ගහගන්නවා. සුදු පාට යුනිෆෝම් එක දුඹුරු පාටයි ගෙදර යනකොට. වැටවල් වලින් රිංගලා දිවුල් ගෙඩි අහුල ගන්නවා.කොල්ලෝ විතරයි යාළුවන්ට හිටියේ.
ඒකාලෙ දඟයි. දැන් නෑ අහිංසකයි  අක්කා හැමදේටම පස්සෙන් හිටියෙ. මගේ අම්මා නැති නිසා මගේ අක්කා තමයි මගේ දෙවැනි අම්මා. මොකද අම්මා ගොඩක් එක්ක ඉගෙන ගත්තු කෙනෙක් නෙමෙයි නිසා මගේ අධ්යාපනය පැත්ත එතකොට මගේ හැදෙන්න ඕන. මගේ පර්සනැලිටි එක ගෑනු ළමයෙක් විදියට කොහොමද ලස්සනට අඳින්න ජීවත්වෙන්නේ ටයිම් ටේබල් එකට වැඩ කරන්නේ.


ඔය හැමදේම ඉගෙන ගත්තේ අක්කගෙන් අම්මගේ පැත්තෙන් සෙනෙහස ආදරය සහ සමාජීය දැනුම ලැබුණට අක්කගෙන් තමයි අධ්යාපනය සම්බන්ධ දේවල් ගොඩක්  දැනුම ලබාගත්තේ.
 පල්ලන්සේන හිටපු මම කොළඹ ඇවිල්ලා මේ ක්ෂේත්රයේ වැඩ කරන ගමන් ලස්සන ජීවිතයක් ගත කරන්නේ මගේ අක්කාහින්දා ඉතිං අක්කට ගොඩක් ස්තුතිවන්ත වෙනවා."
වීඩියෝව පහතින්