thondaman-court

 කැලණි වැලි සමාගමේ කර්මාන්ත ශාලාවකට පසුගිය මැයි 30 වැනිදා බලහත්කාරයෙන් ඇතුළුවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ලබන 26 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නුවරඑළිය වැඩ බලන මහේස්ත්‍රාත් ජයමිණි අඹගහවත්ත මහතා පොලිසියට ඊයේ (22) නියෝග කළේය.




අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඇතුළු සැකකරුවන් කැලණි වැලි වතු සමාගමට අයත් පීඩා කර්මාන්ත ශාලාවට බලහත්කාරයෙන් ඇතුළු වී දණ්ඩ නීති සංග්‍රහයට පටහැනිව කටයුතු කරන ලදැයි නුවරඑළිය පොලිසිය ඊයේ (22) අධිකරණයට කරුණු වාර්තා කළේය.අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා ඇතුළු පිරිසට ඉදිරිපත් වන ලෙස ලිඛිතව දැනුම් දුන් නමුත් ඔවුන් කිසිවකු අධිකරණයට පැමිණ සිටියේ නැතැයි පොලිසිය කීවේය.


කැලණි වැලි වතු සමාගම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඬ, ජ්‍යෙෂ්ඨ නීතිඥ පාලික සුභසිංහ සහ සුරේස් ගයාන් යන නීතිඥවරුන්ගේ ඉල්ලීම පරිදි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ලබන 26 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
(ආරි.එෆ්.එම්. සුහෙල්)