udayanga-speaks

වර්තමාන දේශපාලන තත්වය ගැන අනාවැකි සපයන රාජපක්ෂ පවුලේ ඥාතී උදයංග වීරතුංග අද(30) දහවල් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ. පොහොට්ටුවේ ඉදිරි තීරණ සම්බන්ධයෙන් ඔහු එහිදී හෙළි කළේ මෙසේය.

"ඊයේ දින පොහොට්ටුවේ තීන්දුව ඉදිරිපත් කරා සවස හයට විතර එහි ලේකම් සාගර කාරියවසම්. නමුත් ඒ බව මම
ඒ තීන්දුව පොහොට්ටුව ගන්න බව කිව්වේ වසරකට කලින්. ඒ වගේම ඊයේ උදේ මං හරියටම කිව්වා මෙන්න මේ ටික තමයි කියන්නේ කියලා අද මම කියනවා.
ලබන බදාදා පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ලෙස ප්රසිද්ධ ව්යාපාරික රටේ අනාගතය ආර්ථිකය ගොඩනගන්න පුළුවන් එකම නායකයා විදිහට ධම්මික පෙරේරා ඉදිරිපත් වෙනවා. පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක විදිහට සමහර අය මට චෝදනා කරනවා. මම කියන දේවල් වරදිනවා කියලා. විශේෂයෙන් පාර්ලිමේන්තු මැතිවරණෙ ගැන.
ඔව්. මම සාස්තරකාරයෙක් නෙමෙයි පාර්ලිමේන්තුව විසුරුවා හරින බව මම ප්රකාශ කළේ පෙබරවාරි මාසේ බැසිල් රාජපක්ෂ.
ඇමරිකාවේ ඉඳන් ලංකාවට ආපු දවසේ.
නමුත් ඒක සිද්ධ උනේ නෑ. මොකද මම එදා කිව්වේ රනිල් වික්රමසිංහ පොරොන්දු වුණා. එහෙම නැත්තං අපි එකඟ වුණා.
පාර්ලිමේන්තුව විසුරුවාහරිනව ජනාධිපතිවරණයට ප්රථම කියල.
නමුත් අර ඔහුගේ කට්ට කම කෛරාටික කම හින්දා.
බැසිල් අයියව රැවැට්ටුවා බැසිල් අයියත් ඒ වෙලාවෙ රනිල්ව විශ්වාස කරා.

නමුත් බැසිල් රාජපක්ෂ.
කියන්නේ දේශපාලන බුද්ධියෙන් ඉහළ කෙනෙක්. දේශපාලනය 1969 ඉඳන් ඔහු  ජීවිතේ වැඩියෙන්ම කැප කරේ.
මේ ශ්රී ලංකාවේ දේශපාලනය එහි ව්යාපාර ගැන.

කවුරු හරි හිතනවා නම් රනිල් වික්රමසිංහ 'අණ්ඩ පාලය' දක්ෂයා කියල නෑ. ඊට වැඩිය බැසිල් රාජපක්ෂ කියන්නේ ජ්‍යෙෂ්ඨයෙක් දේශපාලනය ගැන ඉතාම හොඳින් දන්න කෙනෙක්.
බැසිල් අයියා ලස්සනට අර මෛත්රී ආප්ප කාලා ගියා වගේ රනිල් එක්ක ඉඳලා 'හොඳ ටොක්කක්' ඊයේ ඇන්නා.
 එතනින් නතර වෙන්නේ නෑ බැසිල් රාජපක්ෂ අද කිව්වා කියලා හිතන්න.

ධම්මික පෙරේරා ගේනවා.ගේනවා විතරක් නෙමෙයි.ධම්මික පෙරේරා ඊළඟ ජනාධිපති කරලා තමයි බැසිල් රාජපක්ෂ නතර වෙන්නෙ. එච්චරට මට විශ්වාසයි මොකද පොහොට්ටුවේ ජාලය තරම් ශක්තිමත් ජාලයක් නැහැ. හැබැයි අනුර කුමාරටත් තියෙනවා රට පුරා ජාලයක්. නමුත් ඊට වඩා සංවිධාන ශක්තිය වැඩි ගමේ ප්රභූවරුන් ද ක්රියාකාරීන් ද නොයෙක් තරාතිරමේ පුද්ගලයන් ඉන්න ජාලය තියෙන්නෙ අපේ පක්ෂයට පොහොට්ටුවට.

අනුර කුමාර ගාව ඉන්න බහුතරයක් එවැනි සීයටත් තුනක් ඇරෙන්න ඉතුරු ටික ඔක්කොම මේ පොදුජන පෙරමුණෙන් තාවකාලික ගිය ඡන්ද ප්රතිශතයක්. ධම්මික පෙරේරා ඉදිරිපත් කරපු ගමන්
ඒ ඡන්ද ටික නැවත පොහොට්ටුවට එනවා. මොකද පොහොට්ටුවේ අය අනුර කුමාර ගාව ඉන්නේ.


පොහොට්ටුවේ ස්ථාවරය ඉදිරිපත් කිරීමට ප්රමාද වෙච්ච නිසා අද ස්ථාවර ඉදිරිපත් කරලා තියෙනවා. අද නායකයෙක් ඉන්නවා.
රටට ආර්ථිකය ගේන්න පුළුවන් කෙනෙක්.
 අර රනිල් වික්රමසිංහ වගේ ණය ගෙවන එක පස්සට දාන්න. එහෙම නැත්නම් ඩොලර් දහස්  ගනං අරගෙන පාරක්වත් හදපු නැති ජනාධිපතිවරු මේ රටට අවශ්ය නෑ. මේ රටට අවශ්ය විදේශ විනිමය ගේන්න පුළුවන් ආර්ථික සැලැස්මක් තියෙන නව
තරුණයන්ට රැකියා උපදවන.
නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන්න පුළුවන් නායකයෙක් තමයි මේ රටට අවශ්ය නායකයා තමයි.
ධම්මික පෙරේරා ඔහුගේ නම පොහොට්ටුව ඉදිරිපත් කරනවා.

ලබන බදාදා ඊට පස්සේ පහලොස් වෙනිදා ඉඳන් නොමිනේෂන් පස්සේ එදාම අනුරාධපුර නුවර කතරගම මේ හැම තැනම ගිහිල්ලා පුරුදු විදිහට මහින්ද රාජපක්ෂයන්ගේ ඒ මහින්ද චින්තනයත් සමග.
ඒ පරපුරත් එක්ක යන්න අපිට අලුත් නායකයෙක් ඉන්නවා. තරුණ නායකයෙක් මහින්ද රාජපක්ෂ ඉතුරු ඉදිරිපත් කරලා තියෙනවා. ඒ තමයි අපේ නාමල් රාජපක්ෂ එහෙම නැත්තං ඊළඟ ආණ්ඩුවේ අගමැති තුමා තමයි නාමල් රාජපක්ෂ සියලු දේශපාලන තීන්දු තීරණ ගන්නේ පොහොට්ටුවේ නාමල් රාජපක්ෂ.
හැබැයි ධම්මික පෙරේරා ආර්ථිකය ගොඩදාන විදිහට දේවල්.
ඒ හැම තීන්දුවක් ගන්නේ ජනාධිපති විදිහට ධම්මික පෙරේරා කියල අද මම කැට තියලා කියනවා."