update-club-wasantha

පසුගියදා මහත් ආන්දෝලනයක් ඇතිකරමින් අතුරුගිරියේදී ක්ලබ් වසන්ත ඝාතනයට ලක්වූ ටැටූ සාප්පුවේ හිමිකරු දුලාන් සන්ජුල‍ගේ බිරිය යොමානා කෞෂධී එම සිදුවීමෙන් තුවාල ලබා තවමත්
හෝමාගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්නීය.
ඇය ගැන කිසිවෙකු සොයා නොබැලීම ගැටලුකාරී වී තිබේ.
මුල් වාර්තා වල දැක්වුනේ ටැටූ දුලාන්ගේ නැගණියක හෝමාගම රෝහලට ඇතුළත් කළ බවය. නමුත් පසු වාර්තාවලින් යොමානා කෞෂධී නමැත්තිය ඔහුගේ බිරිය බව හෙළි විය.
දුලාන් - යොමානා යුවළට දරුවන් දෙන්නෙකු සිටින අතර සිදුවීමෙන් පසු දරුවන් ඥාතීන් භාරයේ සිටින බවට වාර්තා පළවේ.සාප්පුවේ හිමිකරු දුලාන් සන්ජුල‍ රක්ෂිත බන්ධනාගාරගතව ඇති අතර ඔහුගේ සොයුරාද සැකපිට අත්අඩංගුවට පත්විය.මව අයිස් මත්ද්‍රව්‍ය බෙදාහරින්නියක බවට පොලිසිය සොයාගැනීමෙන් පසු පරීක්ෂණ පැවැත්විණි.
යොමානා කෞෂධීගේ ඥාතීන් කිසිවකු ඇය බැලීමට රෝහලට නොපැමිණීම හේතුවෙන් ඇය සම්බන්ධ යම් යම් කටයුතුවලදී

තමන් දැඩි අපහසුතාවට පත්වන බව හෝමාගම මූලික රෝහලේ කාර්ය මණ්ඩලය පවසයි.
 රෝහල් ගතවීමෙන් පසු සැත්කමකටද ඇය බාජනය කළ අතර
මේ වනවිට දුලාන්ගේ බිරිය යොමානා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්නීය. ඇයට අවශ්‍ය ආහාරපාන ලබාදීමට මෙන්ම වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන් යම් යම් තීරණ ගැනීමේ දී අදාළ ඥාතීන්ගේ අවසරය ලබා ගැනීමට අවශ්‍ය අවස්ථාවලදී තමන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි ද එම කාර්ය මණ්ඩලය පවසයි.

මේ සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිස් ස්ථානය දැනුවත් කිරීමෙන් පසු පොලිසිය විසින් අදාළ ඥාතීන්ට මේ පිළිබඳව දැනුම් දී ඇතත් කිසිවකු ඇය බැලීමට නොපැමිණි බවද ඔවුහු පවසති. ප්‍රහාරය සමග දුලාන්ගේ පාතාල සබඳතා හෙළිදරව්වීම නිසා ඥාතීන් බියෙන් පසුවනවාදැයි සැකයක් මතුව තිබේ.