vavunia-incident

වවු­නි­යාවේ තෝනි­කල් ප්‍රදේ­ශයේ නිව­ස­කට පෙට්‍රල් බෝම්බ ප්‍රහා­ර­යක් එල්ල කර යුව­ළක් මරා දැමීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් වස­රක් පුරා බන්ධ­නා­ගා­රයේ සිටින සැක­ක­රු­වන් හත් දෙනාට ඇප ලබා­දීම වවු­නි­යාව මහා­ධි­ක­රණ විනි­සුරු එම්. ඉල­න්චෙ­ලි­යන් මහතා පෙරේදා (25) ප්‍රති­ක්ෂේප කළේය.

සිද්ධිය වූ නිවසේ 2023-07-23 වැනි දින උප­න්දින සාද­යක් පැවති අතර, ඊට සහ­භාගි වී සිටි අඹු­සැමි යුව­ළක මරා දැමීමේ සිද්ධි­යට පුද්ග­ල­යන් හත්දෙ­නෙකු අත්අ­ඩං­ගු­වට ගෙන සිටියි.

උපන් දින සාද­යට සහ­භාගි වී සිටි අඹු­සැමි යුවළේ කාන්තාව ඊට පෙර ග්‍රාම නිල­ධා­රි­යකු සමඟ ඇසු­රක් පවත්වා ඇති අතර,

එය නතර කර වෙනත් අයෙකු සමඟ විවාහ වීම නිසා ඇගෙන් පළි­ගැ­නී­මට ග්‍රාම නිල­ධා­රියා දුන් කොන්ත්‍රා­ත්තු­වක් මත අඹු­සැමි යුවළ ඝාත­න­යට ලක් වූ බව පොලිස් පරී­ක්ෂ­ණ­ව­ලදී හෙළි­විය.

මේ සිද්ධි­යෙන් මිය ගියේ වවු­නි­යාව ඕමන්ත ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි 35 හැවි­රිදි සුග­න්දන් සහ ෆාතිමා සසීමා නමැති අඹු­සැමි යුව­ළයි. එම ද්විත්ව ඝාත­න­යට සම්බන්ධ සැක­ක­රු­වන් හත්දෙනා දැනට වස­රක් තිස්සේ රිමාන්ඩ් බන්ධ­නා­ගා­රයේ සිටින අතර, ඔවුන් අවස්ථා 9කදී වවු­නි­යාව දිස්ත්‍රික් අධි­ක­ර­ණ­යට හා මහා­ධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර ඇතත් ඔවුන්ට ඇප ලබා දී නොති­බුණි.



ඒ බව සඳ­හන් කර­මින් සැක­ක­රු­වන් වෙනු­වෙන් වවු­නි­යාව මහා­ධි­ක­ර­ණය වෙත පෙත්ස­මක් ගොනු කර තිබූ අතර, එම පෙත්සම සලකා බැලූ අව­ස්ථා­වේදී රජයේ නීතිඥ ආරු­මු­ගම් ධනු­සන් සහ විශේෂ අප­රාධ විම­ර්ශන කොට්ඨා­සයේ පොලිස් නිල­ධා­රියා ඇප ලබා­දී­මට එරෙ­හිව කරුණු දැක්වූ නිසා වවු­නි­යාව මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රයා සැක­ක­රු­වන්ට ඇප ලබා­දීම ප්‍රති­ක්ෂේප කර ඔවුන්ගේ රිමාන්ඩ් කාලය දීර්ඝ කර­මින් නියෝ­ග­යක් නිකුත් කළේය.

ඒ අනුව පළ­මු­වෙනි හා හත්වෙනි විත්ති­ක­රු­වන් දෙදෙ­නාගේ රිමාන්ඩ් කාලය නොවැ­ම්බර් මස 1 වැනිදා දක්වාද ඉතිරි පස් දෙනාගේ රිමාන්ඩ් කාලය පෙබ­ර­වාරි මස 25 වැනි දින දක්වාද දීර්ඝ කෙරිණි.
(රසුල දිල්හාර ගමගේ)