viranjith-thambugala

'අවුරා ලංකා' සමාගමේ සභාපති විරංජිත් තාඹුගල සම්බන්ධ  රුපියල් කෝටි 07ක මුදලක් වංවා කළ බවට පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාව ඊයේ අධිකරණයේ විභාගවූ අතර
2018 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා වසර 04ක කාලය තුළ සැකකරුගේ ගිණුම් වලට ඇමරිකානු ඩොලර් 26,429,490 මුදලක් බැර වීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් කරන බවත්,

ව්‍යාපාරයක්, ව්‍යාපාර ආයතනයක් හෝ ගණකාධිකාරිවරයකු නොමැති සැකකරුගේ ගිණුම්වලට මෙවැනි විශාල මුදලක් ආවේ කොහෙන්ද යන්න විමර්ශන කරන බවත්, කී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලිප පීරිස් මහතා එවැනි පුද්ගලයකු එවැනි විශාල වංචාවක් කිරීමේ සිද්ධියක සැකකරුවකු වින්දිතයකු වන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.

ඔහු සම්බන්ධයෙන් කරන විමර්ශන කඩිනමින් අවසන් කර ඔහුට එරෙහිව පැමිණිල්ලක් ගොනු කිරීමට රහස් පොලීසියට නියම කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවතී පතිරාජ මහත්මිය සැකකරුට එරෙහිව කරන විමර්ශන කටයුතුවලට මෙම නඩුව බාධාවක් හෝ අවහිරයක් නොවන බව ඊයේ (10දා) දැනුම් දුන්නාය.
රහස් පොලිස් නිලධාරීන් තමාගෙන් රුපියල් කෝටි 02ක කප්පමක් ඉල්ලා සිටියේ යැයි කියමින් දින 03ක කාලයක් මහෙස්ත්‍රාත්වරයාට රහස් ප්‍රකාශයක් දුන් ‛අවුරා ලංකා' සමාගමේ සභාපති විරංජිත් තාඹුගල නමැත්තා මෙහිදී තමන්ට
ඇතැයි කියන ජීවිත තර්ජන පිළිබඳව අධිකරණයට කියා සිටි අතර එය සුදුසු අධිකාරියකට පැමිණිලි කරන ලෙස මහේස්ත්‍රාත්වරිය සැකකරුට දැනුම් දුන්නාය.