viren-neththasinghe-defeated-olympic-badminton

ශ්‍රී ලංකාවේ විරේන් නෙත්තසිංහ 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අද (30) පැවති  බැඩ්මින්ටන් තරගාවලියේ පිරිමි ඒකල ආරම්භක ‘ජී’ කාණ්ඩයේ දෙවැනි තරගයෙන් ස්පාඤ්ඥය නියෝජනය කළ පැබ්ලෝ අබියාන් ක්‍රීඩකයාට පරාජය විය. අඟහරුවාදා මෙරට වේලාවෙන් දහවල් 12.00ට පැවති තරගයේදී
නෙත්තසිංහ තරග වට දෙකෙන් පළමුවැන්න අසාර්ථක ආරම්භයක් ලබා ගත් අතර 21 - 9 ලෙස පරාජයට පත්විය.
දෙවැනි වටයේදී අවසන් මොහොත දක්වා සටනක නියැළුණ ඔහු 21-19 ලෙස තියුණු පරාජයක් ලැබීය.
මින් ඉහත තරගය මැලේසියානු ක්‍රීඩකයාට පරාජයවූ නිසා  තරග දෙකකින් පසු විරේන්ට තවත් අවස්ථාවක් නොලැබේ.
අද තරගයේ සංක්ෂිප්ත කළ වීඩියෝවක් පහතින්