warakapola-mother-death

වර­කා­පොළ ඉහළ පුහු­ලේ­ගම ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි වයෝ­වෘද්ධ කාන්තා­වක් ඊයේ (26) අලු­යම නි‍ෙවස ආස­න්නයේ ඇති ආර­ක්ෂක බැම්මක් බැඳ තිබුණු ළිඳ­කට වැටී මිය­ගොස් ඇතැයි වර­කා­පොළ පොලි­සිය පව­සයි.

මෙසේ මිය­ගොස් ඇත්තේ වර­කා­පොළ දංඕ­විට ඉහළ පුහු­ලේ­ගම අංක සී 09 ලිපි­නයේ පදිං­චිව සිටි 84 හැවි­රිදි අස්සැ­ල්ල­ලාගේ බේලා­වති කුමා­ර­සිරි නැමැති පස්දරු වයෝ­වෘද්ධ කාන්තා­වකි. මිය­ගොස් ඇති කාන්තා­වට ගැහැනු දරු­වන් තිදෙ­නෙක් හා පිරිමි දරු­වන් දෙදෙ­නෙක් සිට ඇති අතර එක් පිරිමි දරු­වෙක් මිය ගොස් තිබේ. ඇගේ සැමියා ද 2005 වර්ෂ­යේදී මිය­ගොස් ඇත.

විවා­හක ගැහැනු දරු­වන් දෙදෙ­නෙක් සමඟ මහ ගෙදර නිවසේ පදිං­චිව සිට ඇති කාන්තාව වසර ගණ­නා­වක සිට අස­නීප තත්ත්ව­යන් කීප­ය­කට ප්‍රති­කාර ගනි­මින් සිට ඇති බවත් පොලි­සිය පැව­සීය.

නිවස ආස­න්නයේ අඩි 52ක් ගැඹුරු ආර­ක්ෂක බැම්මක් බැඳ ඇති ළිඳක් ඇති බවත් එම ළිඳේ අඩි 7ක පමණ ජලය පිරී තිබුණු බවත් පොලි­සිය පැව­සීය.

ඊයේ (26) පාන්දර එකට පමණ දිය­ණි­ය­ක­ගෙන් කහට තේ ඉල්ලා ඇති බවත් දිය­ණි­යක් තේ කෝප්ප­යක් සාදාදී තිබේ. පාන්දර 4.00ට පමණ නිවසේ පිටු­පස දොර විවෘත කර තිබීම හේතු­වෙන් නිවසේ සිට එක් දිය­ණි­යක් මව සොයා තිබේ. පසුව මිදු­ලට පැමිණ සොයා බලා නැති අව­ස්ථාවේ ළිඳ ද බලා ඇති බවත් පොලි­සිය පැව­සීය. පසුව මවගේ සිරුර ළිඳේ පාවෙන අයුරු දැක දිය­ණි­යක් වර­කා­පොළ පොලි­සි­යට පැමි­ණි­ල්ලක් ඉදි­රි­පත් කර තිබුණි.



වර­කා­පොළ පොලි­සිය වර­කා­පොළ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඊයේ (26) දහ­වල් සිද්ධිය සම්බ­න්ධ­යෙන් කරුණු වාර්තා කළේය. වර­කා­පොළ වැඩ බලන මහේ­ස්ත්‍රාත් ශාන්ත වර්ණ­කු­ල­සූ­රිය මහතා සිද්ධිය වූ ස්ථාන­යට ගොස් මූලික විම­ර්ශන සිදු කළ අතර මහේ­ස්ත්‍රාත් ඉදි­රියේ දේහය ගොඩට ගැනිණි. දේහය කෑගල්ල මහ රෝහලේ අධි­ක­රණ වෛද්‍ය­ව­රයා වෙත ඉදි­රි­පත් කර පශ්චාත් මරණ පරී­ක්ෂ­ණ­යක් පවත්වා අන­තු­රුව දේහය පුතාට භාර­දෙන ලෙසත් වෛද්‍ය වාර්තාව අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙසත් අගෝස්තු 9 වැනිදා දරු­වන්ට අධි­ක­ර­ණයේ පෙනී සිටින ලෙසත් වැඩ බලන මහේ­ස්ත්‍රා­ත්ව­රයා නියෝග කළේය.

වර­කා­පොළ පොලි­සියේ අප­රාධ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක මුදිත බණ්ඩාර, පොලිස් සැර­යන් ඒ.පී. බර්නාඩ් සිරි­ව­ර්ධන (29255), කෑගල්ල කොට්ඨාස අප­රාධ ස්ථාන පරී­ක්ෂ­ණා­ගා­රයේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක තිවංක දෙහි­ම­ඩුගේ, පොලිස් පරී­ක්ෂක උපාලි ජය­සේ­කර, පොලිස් සැර­යන් ගුණ­සිංහ (19641) නිල­ධා­රීන් කණ්ඩා­යම විම­ර්ශන කට­යුතු සිදු කරති.
(චමින්ද ජය­ලත්)