wasantha-funeral


විදේ­ශ­ග­තව සිටින සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­ක­රු­වන්ගේ සැල­සු­මක් අනුව අතු­රු­ගි­රිය කඩු­වෙල පාරේ ටැටූ කලා­ගා­ර­යක් තුළදී නාඳු­නන වෙඩි­ක්ක­රු­වන් අතින් ඝාත­න­යට ලක් වූ ව්‍යාපා­රික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වස­න්තගේ දේහය මහ­ජන ප්‍රද­ර්ශ­නය සඳහා තබා නොගන්නා ලෙස බොරැල්ල ප්‍රසිද්ධ පෞද්ග­ලික මල්ශා­ලා­ව­කට පෙරේදා (11) යළිත් තර්ජ­නා­ත්මක ඇම­තු­මක් ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳ­හන් කරයි.

ඒ තර්ජ­නා­ත්මක දුර­ක­තන ඇම­තු­මින් කියවී ඇත්තේ කංජි­පානි ඉම්රාන් කළ දැනු­ම්දීම ක්ලබ් වස­න්තගේ පවුලේ උද­වි­ය­ටද දැනුම් දුන්නේද? යන්න බව එම ආරංචි මාර්ග සඳ­හන් කරයි. එයා­කා­ර­යෙන් ඉකුත් 10 දින එම මල් ශාලා­වට ලද තර්ජ­නා­ත්මක ඇම­තුම සම්බ­න්ධ­යෙන් බොරැල්ල පොලි­සි­යට


ලද පැමි­ණි­ල්ලක් අනුව බොරැල්ල පොලි­සිය අප­රාධ විම­ර්ශන අංශය මේ වන විට පරී­ක්ෂණ ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සීය.

මාක­ඳුරේ මධූෂ් අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා ආර­ක්ෂක අංශ වෙත ඔත්තුව දුන් පළමු පුද්ග­ලයා ලෙස ක්ලබ් වසන්ත හඳු­නා­ගෙන ඝාත­නය කළ බවට කංජි­පානි ඉම්රාන් පවසා ඇතැ­යිද පොලිස් ආරංචි මාර්ග පව­සයි. මධූෂ් පිළි­බඳ විම­ර්ශන සිදු කළ කොළඹ අප­රාධ කොට්ඨා­සයේ හා බස්නා­හිර උතුරු අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීන්ද ඝාත­නය කරන බවට කංජි­පානි ඉම්රාන් පවසා ඇතැ­යිද පොලිස් ආරංචි මාර්ග වැඩි­දු­ර­ටත් සඳ­හන් කරයි.


හෝමා­ගම මූලික රෝහලේ අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරී ප්‍රණීත් සෙනෙ­වි­රත්න මහතා විසින් පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය පැවැ­ත්වී­මෙන් අන­තු­රුව වස­න්තගේ දේහය ඥාතීන්ට භාර දෙනු ලැබූ අතර, බොරැල්ල පෞද්ග­ලික මල්ශා­ලා­වට රැගෙන එනු ලැබීය. විදේ­ශ­ග­තව සිටි  වස­න්තගේ පුතකු මෙර­ටට පැමි­ණී­මෙන් අන­තු­රුව ඊයේ (12) දහ­වල් සිට  වස­න්තගේ දේහය බොරැල්ල පෞද්ග­ලික මල් ශාලාවේ ප්‍රභූ­ව­රුන්ගේ මෘත දේහ තැන්පත් කරන ස්ථානයේ මහ­ජන ගෞර­වය සඳහා තැන්පත් කෙරිණි. අව­සන් කට­යුතු අද (13) සවස 5.00ට බොරැල්ල කන­ත්තේදී සිදු කිරී­මට නිය­මි­තය.